සුලකළ සරණිය කරළියට

තිරප්පනේ සමන් පෙරේරා  

වේදිකා නාට්‍ය ගීතයේ සැබෑ රසය ප්‍රේක්ෂකයින් වෙත ලඟාකරවීමත්, ශ්‍රී ලාංකේය සම්භාව්‍ය නාට්‍ය කලාවේ උන්නතියට දායකවීමත්, අරමුණු කොට සංවිධානය කළ වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයක් “ “සුළකළ සරණිය” නමින්  ඉකුත් දා  අනුරාධපුර “ සුරපුර” එළිමහන් රඟහලෙ හී දී පැවැත්විණි. 

 නාට්‍ය හා රංග කලා ආචාරිණි “නිම්මි” රංග කලා ආයතනයේ කලායතනාධිපති එන්.කේ. අමරසිංහ මහත්මිය විසින් මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී ශාන්තිකර්ම, සොකරි, ‍කෝලම් , නාඩගම් , නූර්ති ආදී ගීත මෙන්ම සුප්‍රසිද්ධි වේදිකා නාට්‍ය රැසක ගීත ගායනා ඉදිරිපත් කළ අතර ඊට අදාල රංගනයන් ද එක්වීම විශේෂත්වයක් විය.

“නිම්මි” කලායතනාධිපති   එන්.කේ.අමරසිංහ මහත්මියගෙන් නාට්‍ය හා රංග කලාව හදාරන පාසල් දරුවන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ දරුවන් මෙන්ම ජාත්‍යන්තර තලය දක්වා කලාවෙන් ඉදිරියට පැමිණි කලාකරුවන් පිරිසක් මෙහි පාත්‍රවර්ගයා ලෙස සියලු ඉදිරිපත් කිරිම කැපීපෙනිණි.

එමෙන් ම දේශීය නාට්‍ය ගීත කලාවේ විකාශනයෙහි රස මතක ප්‍රේක්ෂකයින් ලබාදුන් මෙම ප්‍රසංගයේ දී සියලු ගායනයන් හා වාදනයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශිල්පීන් ශිල්පිනියන්විම ද විශේෂත්වයකි. 

අනුරධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද, පලාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ගයාන් ඉන්දික වන්නිනායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් ආරාධිතයින් ලෙස මේ ප්‍රසංගය සදහා සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *