ඇහැලියගොඩ රන්ජන් මඩගම්මන

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස කිතුල් ශාකය හොදින් සරුවට වැඩේ. කිතුල් ශාකය ලෝකයේ රටවල් 60 ක පමණ තිබුනත් ශ්‍රී ලංකාවේ පමණක් අපටම අනන්‍ය වූ දෙයක් ලෙස කිතුල් පැණි හකුරු කර්මාන්තය ගැනෙනු ලබන්නේ අවුරුදු 2000ට වැඩ වැඩි ඉතිහාසයක් පවතින කර්මාන්තයක් විදියටය. මුහුදු මට්ටමේ සිට 300mත් 3000mත් අතර තෙත්කලාපය තුළ ඉතාමත් සරුවට කිතුල් ගස වැඩේ. ඒ වගේම දැනට ලංකාවේ ලක්ෂ 30 කට අධික ප්‍රමාණයක් තිබෙනවා. කිතුල් කාර්මිකයන් 32,000කට අධික ප්‍රමාණයක් ඇත . විශේෂයෙන්ම දිස්ත්‍රික්ක 11 ක මෙම කර්මාන්තය ක්‍රියාත්මක වේ . සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය ඉන් මුල් තැනක් ගනී . කෘෂිකාර්මික රටක් විදියට අපට අවශ්‍ය කෘෂිකර්මාන්තය කරන්න ගොවිතැන් කරන්න, මහා පොලව එක්ක හැප්පෙන්න අවශ්‍ය ශක්තිය පෙර සිට කිතුල් පැණි හකුරු, රා කර්මාන්තය තුලින්, ගංජා තුලින් අපේ මුතුන් මිත්තන් භාවිතාකර තියෙනවා . ඒ නිසාම තමයි සුද්දගේ කාලේ ගංජා තහනම් කලා, මී ගහ තහනම් කලා, වගේම වැව් හරහා පාරවල් හදලා වැව් සංස්කෘතිය විනාශය කළා වගේම තමයි කිතුල් ගහ තහනම් කරලා තියෙන්නේ. කිතුල් කර්මාන්තය ජාතියක් විදියට අපිට අවශ්‍ය පැණි රසකාරක ඒ වගේම රා ටික, කිතුල් පිටි සහ දැව අවශ්‍ය තාවය ඒ මගින් සම්පූර්ණ කරගෙන තිබෙනවා. ඒ නිසා ඉතිහාසය අපිට කිවුවේ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියල.
හැම වෙලාවේම මඩතවාලු වගේ හාල් වලින් හදපු මී තෙල් වලින් බැදපු කිතුල් පැණි වලින් හදපු කොණ්ඩ කැවුම් අපි යුද්දෙට යනකොට පවා කාලා තියෙනවා.අලුත් කැවුම් ආහාරයටත් පරණ කැවුම් (පුස් කැ) යම් කිසි ආකාරයකින් යුද්දයේදී තුවාල වුවහොත් එකට තියල බැදලා තුවාලය සනීප කරගන්න අපි පාවිච්චි කරලා තියෙනවා. තවද කිතුල් කෙදි වලින් හදන ලද කඹ අපි 1700 ගණන් වලදී පවා අපි රට යවලා තියෙනවා. මේ වෙනතුරුත් යම්කිසි ප්‍රමාණය ක් රටක් විදියට අපි කිතුල් පැණි හකුරු අපනයනය කරනවා.
හැබැයි ජාතියක් විදියට අපිට අවශ්‍ය ජාතික අදායමට හොද දායකත්වයක් ලබාදෙන්න පුළුවන්, අපනයන අදායමක් හොදින් උපයන්න පුළුවන් කර්මාන්තයක් තමයි කිතුල් කර්මාන්තය. ඉතින් ඒ අනුව බලනකොට මේ කිතුල් කර්මාන්තය මහා සංස්කෘතියක් මේ නිසාම හැදිච්ච ගම්මාන මේ නිසාම හැදිච්ච උප භාෂාවක්, කිතුල් නිසාම හැදිච්ච වාසගම්ටිකක් ඒවගේම කවි වගේ ගොඩාක් දේවල් කතන්දර කිතුල් කර්මාන්තය නිසාම තියෙනවා. ඉතින් මෙය ජනතාවත් සමග සමීපව තිබුන දෙයක්. මෙය තුලින් අපි ලොකු අදායමක් උපයනවා ඒ වගේම ජාතික අදායමට දැන් බැලුවත් රුපියල් මිලියන 25000 කට වැඩි අදායමක් පැණි වලින් හකුරු වලින් එකතු වෙනවා ජාතික අදායමට.
ලංකා කිතුල් සංසදයේ කලමණාකරු,
එල්.කේ.ප්‍රියන්ත කුමාර මහතා –

කිතුල් කර්මාන්තය සහ සමන් දෙවියන් අතර තියෙන සම්බන්ධය ගැන වැදගත් . කිතුල් කර්මාන්තය වසර 2000 කට වැඩි අතීතයක් ඇති කර්මාන්තයක් දැන් එය බොහෝ දුරට දියුණු කරලා තියෙනවා. කිතුල් සංවර්ධන මණ්ඩලයට ප්‍රමිතියකට අනුව පිටරට යැවීමට HS Code හදල තියෙනවා. ඒ වගේම තමයි නීත්‍යානුකූල කරලා එයට අවශ්‍ය සහයෝගය දීල රජයත් විවිධ අංශවලිනුත් ඒ කටයුතු යොදල තියෙනවා. එතකොට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වුනේ ලංකා පරිසර නිෂ්පාදන ආයතනය විදියට, ඇහැලියගොඩ – ඒ වගේම ලංකා කිතුල් සංසදය විදියට රත්නපුර මහා දිසා කාර්යාලය, පළාත්සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශ ය, සමන් දේවාලය ඒවගේම අපේ කෘෂිකර්ම අමාත්‍යංශ ය, SAPP ව්‍යාපෘතිය , විවිධ ආයතන ඒකරාශී කරගෙන අපි අලුත් වැඩක් කිරිම ට මේ බලාපොරොත්තු වෙන්නේ අපි හිතන්නේ මේක අපිට මග ඇරිච්ච දෙයක් කියල අවුරුදු සියවස් ගණනක ඉදන් , අපි අදටත් වාර්ෂිකව දළදා වහන්සේට මීපැණි පූජාව කරනවා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අලුත් සහල් මංගල්‍යය පවත්වමින් අලුත් සහල් පූජා කරනවා, අපි කිතුල් කර්මාන්තය ගත්තහම කිතුල් කර්මාන්තයේ බොහෝ ප්‍රමාණයක් වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන්නේ සුමන සමන් දෙවියන්ගේ අඩවියේ. ඉතින් උන් වහන්සේගේ අඩවියේ ශ්‍රී පාද පැත්තත් එක්ක ගත්තහම විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කිතුල් ගස් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. කිතුල් කර්මාන්ත කරුවන් 582000 පමණ ඉන්නවා. කෑගල්ලත් එහෙමයි 465000කට වැඩි ප්‍රමාණයක් ගස් තිබෙනවා. එහෙම බැලුවහම සුමන සමන් දෙවියන්ගේ අඩවිය තුල කිතුල් කර්මාන්තය සහ කිතුල් ගස් විහිදිලා තිබෙනවා.එහිත් සම්බන්ධතාවය බැලුවොත් අපි අද මේ කතා කරන්නේ කිතුල් පැණි හකුරු වාර්ෂිකව සුමන සමන් දෙවියන් උදෙසා පූජා කිරීමේ සහ ආශීර්වාද ලබාගැනීමේ මංගල්යක් ආරම්භ කරන්න කටයුතු යොදල තියෙනවා. මේ ශුභ කටයුත්තක්. කිතුල් සම්බන්ධ ආයතන සහ අනෙකුත් ආයතන එකතු වෙලා මෙය කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සුමන සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතා, අලි ඇතුන් ආහාරයට ගන්න ඉතාමත් කැමති රුච්කත්වයක් දක්වන්නේ කිතුල් එහෙමනම් සුදු ඇතාගේද ආහාරය වන්නේ ද කිතුල් ඒ වගේම තමයි සුමන සමන් දෙවියන්ගේ අඩවිය තුල තමයි කිතුල් ශාකය වැඩිපුරම විහිදී පවතින්නේ. එදා බුදු හාමුදුරුවන් වැඩම කරලා ශ්‍රී පාදස්ථානය කදු මුදුනට ආරාධනා කලාම මෙච්චර උස තැනක පිහිටවෙව්වම කොහොමද මිනිස්සු ඇවිල්ල වැදුම් පිදුම් කරලා පින් සිද්ද කරගන්නේ කියල ප්‍රශ්න කරාම කියනවා සමන් දෙවියන් බුදු හාමුදුරුවනේ මන් පොරොන්දු වෙන්නම් කැප වෙන්නම් කිසිම කරදරයක් නොමැතිව හුළංපොදක් සේ කදුමුදුනට නග්ගල ජනී ජනයා නැත්නම් මේ බැතිමතුන් සැදැහැවතුන් ආපසු ඇරලවන්නම් කිසිදු කරදරයක් නැති වෙන්න කියලාම තමයි සමන්ම තමයි සමන් දේවාලයට ශ්‍රීපාදයටම තමයි සමන් දේවාලයට ශ්‍රීපාදයට සමන් දෙවියන් ජීවමානව ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා.
ආපසු ඇරලවන්නම් කිසිදු කරදරයක් වෙන්නේ නැති වෙන්න කියල. ඒ නිසාම තමයි සමන් දේවාලයට, සුමන සමන් දෙවියන්ට තියෙන ගෞරවය විදියට අදටත් අපේ මිනිස්සු කිලි ගෙදරක ගියාම මල ගෙදරක ගියාම අපි කවදාවත් ශ්‍රී පාදයට යන්නේ නෑ සමන් දේවාලයට යන්නේ නෑ. ඒවගේම තමයි පිහිට ශ්‍රී පාදය නැගල බහින අයට වගේම කිතුල නැගල බහින අයටත් තියෙනවා.එක තමයි දවසට තුන් සැරයක් කිතුල් ගැහේ නැග්ගත් හතර පහක ගස් නැග්ගත් මිනිස්සුන්ට කරදරයක් හිරි හැරයක් නැතුව මේ සබරගමුවේ මිනිස්සු මේ කාර්මන්තයේ යෙදිල ඉන්නේ .ඒ වගේම තමයි කිතුලෙන් ලොකු අදායමක් හොයන්නේ එතකොට අපි විශ්වාස කරන්නේ සුමන සමන් දෙවියන්ගේ ආශීර්වාදය කිතුල් ගහට තියෙන නිසා පූජනීය ගහක් විදියට. අපේ ගොවියෝ සලකන්නේ. ඒ නිසා තමි කිතුල් ගහට අපේ ගොවියා නගින්නේ නැත්තේ කිලිකුනු මළගෙවල් වල ගිය දවසට. සමන් දෙවියන්ට දක්වනවා වගේම ගරුත්වයක් මේ ගොවියා මේ ගසට දෙන්නෙත් ඒ නිසා, ඒත් එක්කම අපේ කිතුල් කර්මාන්තයට යම්කිසි රෝගයක් වසංගතයක්, සතුන්ගෙන් හානියක් ආවහම අපි භාරවෙන්නේ හැදෙන මලේ මුල්භාගය අරගෙන සමන්දෙවියන් හට භාර වෙන්නේ. එය සුලභව ගම් මට්ටමේ සිදුවෙන දෙයකි. අපි දැකපු දේ තමයි කොමසාරිස් වාර්තාවල සමන්දෙවලයේ ලේකම් පොතේ තියෙන්නේ දෛනිකව කිතුල් පැණි, හකුරු හා තෙලිජ්ජ පංගුව පූජා කරන්න ඕනි සමන් දෙවියන්ට ,දේවාලයට නින්ද ගම දේවාලයට අයත් ඉඩම් වල ජිවත් වන ජනී ජනයා ගන්න අස්වැන්න දෙවියන්ට පූජා කරන්න ඕනි මොකද සුමන සමන් දෙවියන්ගෙන් ලැබිච්ච දායදයක් ලෙසයිකිතුල් පැණි හකුරු නැතිනම් කිතුල් කර්මාන්තය සබරගමුවේ අපි දකින්නේ. ඉතින් ඒ නිසා තමයි දෙවියන්ට පූජා කිරීමේ වටිනා කම අවශ්‍යතාව ය මිනිසුන්ගේ හිතේ තිබෙනවා.නමුත් එක වැඩ පිළිවලක් විදියට විධිමත්ව ජාතික වැඩක් විදියට සිදු වුනේ නෑ මේ දක්වා. ඒකයි අපි කලිනුත් කිව්වේ මීට ශතවර්ෂ ගණනකට කලින් කරන්න තිබුන දෙයක් අප මේ පටන්ගන්නේ සහ මතු කරලා ගන්නේ කියල. කිතුල් කර්මාන්තය කියන්නේ මහා සංස්කෘතියක් සුමන සමන් දෙවියන් සමග ලොකු බැදීමක් තිබෙනවා. එතකොට දෙවියන්ට පූජා කිරීම කියන එක වටිනවා.පෙර කිවා වගේ රෝග බාදක වසංගත වලින් අත්මිදෙන්නත් අවදානම් රැකියාවක් විදියට. දෙතුන් සැරේ ගහේ නගින නිසා ඒ අවදානමෙන් මිදෙන්න දෙවියන්ගේ ආශීර්වාදය ලැබිය යුතුමයි. එක නිසා සමන්දේවාලයේ ලේකම් පොතේ තියෙනවා දෙවියන්ට පූජා කළ යුතුයි කියල.

ඒ වගේම ලංකාවේ තියෙන දේවාල අතරින් සබරගමු සමන් දේවාලයේ විතරයි කිතුල් පැණි දමල හදන හැඳිකැවුම් තුනක් දෛනිකව හදන්නේ ,සුමන සමන් දෙවියන් වෙනුවෙන් පූජා කරන්නේ. එය වගේම විශේෂ අවස්ථාවකදී දේවාලයට කවුරු පැමිණියත් ආගන්තුක සත්කාරයක් ලෙස කිතුල් හකුරු කෑල්ලක් සමග කහට එකක් තමයි සමන් දේවාලයේ දෙන්නේ.ඒවගේම තමයි ජය ශ්‍රී මහා බෝධියට අලුත් සහල් මංගල්‍යයට සපරගමු මහා සමන් දේවාලයෙන් වෙන දායකත්වය තමයි එළගිතෙල් සමග කිතුල් හකුරු ගිහින් දෙන එක. ඉතින් එහෙම බැලුවහම සුමන සමන් දෙවියෝ සපරගමු මහා සමන් දේවාලයත් ඒ තියෙන සුමන සමන් සංස්කෘතියත් කිතුල් සංස්කෘතියත් මනාවට එකිනෙක බැදිච්ච සංස්කෘතියක් තමයි දකින්න තියෙන්නේ .ඉතින් ඒක නිසා අපි කල්පනා කළා ඉහත කියූ ආයතනත් සමග එකතුවෙලා අපි පටන්ගත්තේ වාර්ෂිකව කරගෙන යන උතුම් වැඩසටහනක් විදියට සුමන සමන් දෙවි හාමුදුරුවෝ වෙනුවෙන් කිතුල් පැණි හකුරු පූජා කිරීමේ මංගල්‍යය පවත්වන්න. එතකොට මේක අපි බලාපොරොත්තුවෙන්නේ වෙන්නේ අප්‍රේල් මාසයේ 9 වෙනිදා උදේ 9ට අප කිතුල් කාර්මික මහත්ම මහත්මීන් අතිවිශාල පිරිසක් විශේෂ ආරාධිතයන් විදියට දිසාපතිතුමන් , ආණ්ඩුකාරතුමිය , සංස්කෘතික ඇමතිතුමන්, ඒවගේම වැවිලි කර්මාන්ත ඇමතිතුමන් සහ කෘෂිකර්ම ඇමතිතුමන් ගේ සහබගිත්වය ඇතිව වාර්ෂික ජාතික උත්සවයක් විදියට එදින උදේ 9ට දර්ශනීය පෙරහැරකින් ගමන් කරලා සුමන සමන් දෙවියන්ට පැණි හකුරු හදල ගොවියන්ගෙන් එකතු කරනු ලබන පළමුවෙනි කොටස රැගෙන ගොස් පූජාවක් කිරීමට. මීට අමතරව එදින පැමිණෙන සියලු දෙනාම වෙනුවෙන් කිතුල් පිටි කැද දන්සලක් දීමට බලාපොරොත්තු වෙනවා.. විශේෂ සමරු සංවාදයක් අදාල නිලධාරීන් හා කාර්මිකයන් අතර තියල මෙම කර්මාන්තය තවදුරටත් ඉදිරියට ගෙනියන්න, ජාත්‍යන්තරයට රැගෙන යන්න, මේ සදහා තරුණ පිරිස සම්බන්ධ කරගන්න, තාක්ෂණය සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වෙන ප්‍රතිපත්තිමය තිරණ ගන්න වැඩමුළුවක් විදියට මෙය වාර්ෂිකව කරගෙන යාමට සිදුවන්නේ කොහොමද කියන එක සාකච්චා වෙනවා. ඒ සමගම මාසිකව සමන් දේවාලයට අවශ්‍ය වන කිතුල් පැණි හකුරු ප්‍රමාණය අපගේ කිතුල් නිෂ්පාදන ගම්මාන වල කණ්ඩායම් හරහා වාර්ෂිකව ලබාදෙන්න අවශ්‍ය සැලසුම දේවාලයට ලබාදීම සිදුවෙනවා. මේ වගේ සුමන සමන් දෙවියන් හට පැණි හකුරු පූජා කිරිමේ මංගල්‍යය ඔය විදියට පැවැත්වෙනවා ඒ සදහා ඔබ සැමට ආරාධනා කරනවා අපේ සබරගමු පළාතට නායක සුමන සමන් දෙවියන් වෙනුවෙන් කරනු ලබන මෙම පූජාවට සම්බන්ධ වන ලෙස.

