සීවලී ප්‍රජාව  නිදහස් අධ්‍යාපනයේ පියාට කළගුණ සලකති.

අජිත්ලාල් ශාන්තඋදය

රත්නපුර, හිදැල්ලන සිවලි මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ස්ථාපිත කළ, නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් වු ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ උඩුකය පිළිරැවක් පසුගියදා විවෘත කරනු ලැබීය.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ,විදේශ කටයුතු ශාඛාවේ, විදේශ කටයුතු අධ්‍යක්ෂ කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්විය.

වත්මන් පාසල් සිසුන් අතර ඉතිහාස දැනුම ඇතිකිරීමේ අරමුණු ඇතිව එය ඉදිකරනු ලැබූ බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රොෂාන් වෙදගේ මහතා එහිදී අවධාරණය කළේය. සිවලි මධ්‍ය විද්‍යාලයේ ගුරුවරයෙක්වු පුෂ්ප කුමාර හේරස් මහතා මහතා මෙම පිළිරුව නිර්මාණය කළේය.

ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තෝබර් 13 වන දිනදීය. හෙතෙම තම ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය.   ළමා වියෙහිදී කන්නන්ගර විසින් මහත්වූ අධ්‍යාපන හැකියාවක් ප්‍රදර්ශනය කළේය. පසුව ඔහු සිය අධ්‍යාපන කුසලතාව නිසාම ගමේ පාසලෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබීය.

නිතීඥයෙකු ලෙස කටයුතු කළ කන්නන්ගර මැතිතුමා 1923 වසරේදි ව්‍යවස්ථාදායක සභාවට සහ රාජ්‍ය කවුන්සලයට තේරී පත්විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කරද්දි එතුමා වරප්‍රසාද අඩු ළමයින්ට නොමිලේ අධ්‍යාපනය ලබාදීමට පනත් සැකසුවේය. මධ්‍ය විද්‍යාල සංකල්පය ඔහුගේ ය. ප්‍රාථමික පාසල් වල මව් භාෂාවෙන් ඉගැන්වීම, පළමුවන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලය දක්වාම අධ්‍යාපනය  නොමිලයේම ලබාදීම, පොදු විෂය නිර්දේශයක් සැකසීම, තුන්වන පංතියේ සිට සෑම පාසලකම ඉංග්‍රීසි විෂය ඉගැන්වීම, කන්නන්ගර මැතිතුමා විසින් 1945 සම්මත කළ නිදහස් අධ්‍යාපන පනතින් අපට හිමිවු වරප්‍රසාදයන් ය.

නීල් වතුකාරවත්ත මහතා පිළිරුව නිරාවරණය කළ අවස්ථාව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *