සිසු සිසුවියන්ට මාධ්‍යකරණ පාඨමාලා

රංජන් මඩගම්මන-ඇහැලියගොඩ

ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ඨාසයට අයත් ර/උඩුමත්ත මිහිදු මහ විද්‍යාලයේ සන්නිවේදන හා‍ මාධ්‍ය අංශය  මගින්, මාධ්‍ය සංසදයක් ආරම්භ කිරීම හා සමාජික සිසු සිසුවියන්ට පාඨමාලා හඳුන්වා දීම පසුගියදා විදුහල්පති අජිත් රෝහණ මහාතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය . 

ඡායාරූපකරණය, නිවේදනය, ශබ්ද පරිපාලනය,ය ලේඛන කලාව, පළමු අදියරේ ආරම්භ කල පාඨමාලා වේ. වෘත්තීය ඡායාරූප ශිල්පී  විරාජ් චානක ඡායාරූපකරණය  ,   මාධ්‍යවේදී  ශාස්ත්‍රපති  ඇම්.ඒ.සී . රංජන් නිවේදනය හා ලේඛණය ,සන්නීවේදක කසුන් මදුශංක ,සන්නී වේදිකා  නයගරා ,ශබ්ද පරිපාලනය – එස් කුමාර යන මහත්ම මහත්මීන් විසින් මෙම පාඨමාලා මෙහෙයවනු ලබයී.

ආයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව අඛණ්ඩව පාඨමාලාවට සම්බන්ධ විය හැකිය. තම රුචිකත්වය පදනම් කරගෙන පාඨමාලාවට සම්බන්ධ කර ගැනීම සිදුවේ . සතියකට වරක් සවස 1.30 4.30  වෙනතෙක් පාඨමාලාව පැවැත්වේ. න්‍යායාත්මක  හා ප්‍රායෝගික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක  වීම විශේෂත්වයයි.

වසරක පාඨමාලාවක් ලෙස ආරම්භ කළ මෙම පාඨමාලාවල දක්‍ෂතා දක්වන සිසු සිසුවියන් ඇඟයිමට ලක් කිරීම හා දක්ෂතා එළිදැක්වීමට අවකාශය සැලසීම හා සහතික ප්‍රධානය  කිරීමට  ද නියමිතය.

විද්‍යාලයේ සන්නිවේදන හා  මාධ්‍ය ඒකකය  භාර අචාර්ය රංජන් මඩගම්මන මහතා විසින්  වැඩසටහන මෙහෙයවනු ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *