සිසුවියකට අතවර කළ තවත් ගුරුවරයෙක් පොලිස් දැලේ

වැලිගම  තරංග ගුණරත්න 

පාසල් දැරියකට ලිංගික අතවර සිදුකිරීමේ  චෝදනාවක් මත  දෙවිනුවර ප්‍රදේශයේ  පාසලක ගුරුවරයෙකු  සැකපිට  අත්අඩංගුවට ගත්බව මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර ගුරුවරයා වයස 49  පමණ වන  මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.
හිංසනයට ලක්ව ඇති දැරිය  සිය මිත්තණිය සහ සියාගේ  රැකවරණය මත  සිට ඇති අතර  ඇය  පාසලේ දක්ෂ දැරියක් ලෙස කටයුතු කරන බවත්   ඒ තුළින් ගුරුවරයා සමඟ  ඇති වූ සමීපතාවය  හේතුවෙන්    දැරියගේ සීයා ගේ ජංගම දුරකථන ඔස්සේ  දීර්ඝ කාලයක් තිස්සේ   සම්බන්ධතාවයක්  පවත්වාගෙන ගොස් ඇති බවත්  මුලික  විමර්ශනවලදී  අනාවරණය වි තිබිණි

සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත්  අනාවරණය වී ඇත්තේ   මෙම දැරිය ඉකුත් පෙබරවාරි මාසයේ සිට  අවස්ථා කීපයකදී  පාසලේදී  සහ ඉන්  පරිභාහිරව    මෙම හිංසනයට ලක්ව ඇති බවයි.
මෙම ගුරුවරයා සම්බන්ධයෙන්  මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති  වරුනී බෝගහවත්ත මහත්මිය ලද  තොරතුරක් ඔස්සේ   දැරියගෙන් ලබාගත් ප්‍රකාශ මත අදාළ ගුරුවරයා   (12 ) දින  පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්දිය සම්බන්ධයෙන් මින් පෙර  ගන්දර පොලිසිය වෙත පැමිණිලි කර තිබු බවට පැවසෙන  අතර එහිදී  සැකකාර ගුරුවරයාට එරෙහිව  විමර්ශනයක්  ⁣ සිදු⁣ නොකිරීම සමිබන්ධයෙන් ද පරීක්‍ෂණයක් සිදු කිරිමට නියමිතය

අදාළ දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණය සඳහා යොමුකොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *