සියළු මුස්ලිම් දේවස්ථාන වෙත දැනුම් දීමක්

මොහොමඩ් ආසික්

 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය  පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දිවයිනේ සියළු මුස්ලිම් දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතාව සීමා කරන ලෙසත් සිකුරාදා දිනවල ජුම්මා යාඥාව පස්වරු 1.00 ට අවසන් කරන ලෙසත් දිවයිනේ සියළුම මුස්ලිම් දේවස්ථාන වෙත මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබේ.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්.නවාස් මහතාගේ අත්සනින් මෙම දැනුම් දීම යවා තිබේ.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ  දැනුම් දීමට අනුකූලව 2025.03.17 වනදා සිට 2025.03.26 වනදා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට බාධාවක් නොවන පරිදි සිකුරාදා ජුම්මා යාඥාව පස්වරු එකට අවසන් කරන ලෙසත් විභාග මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි  දේවස්ථානවල  දිවා කාලයේදී පිටත  ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකර ඇතුළත පමණක් භාවිතා කරන ලෙසත් මුස්ලිම් ආගමික  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය  සියලු මුස්ලිම් දේවස්ථාන වෙත දන්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *