වැලිගම තරංග ගුණරත්න
අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් බෞද්ධ ,කිතුනු, සහ ඉස්ලාම් දරු දැරියන් එක්ව වෙසක් පහන් කූඩු නිර්මාණය කරන දුර්ලභ දසුනක් වැලිගම සුව සහන සමිඳුන්ගේ දේවස්ථානයේදී දැක ගත හැකි විය .
බුදුන් වහන්සේගේ ඉපදීම , බුදුවීම , පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරමින් බෞද්ධ ජනතාව වෙසක් මංගල්‍යය සමරති
එ වෙනුවෙන් දාන ශීල භාවනා ආදී පිංකමි මෙන්ම වෙසක් පහන් කූඩු, වෙසක් තොරණ ආදියද නිර්මාණය කරති.
අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් බෞද්ධ ජනතාව පමණක් නොව කිතුණු, සහ ඉස්ලාම් ජනතාවද ඒ සඳහා සූදානම් වන ආකාරයේ දුර්ලභ දසුනක් වැලිගම සුව සහන සමිඳුන්ගේ දේවස්ථානයේදී දැක ගත හැකි විය.
එ සදහා අනුශාසකත්වය වැලිගම සුව සහන සමිඳුන්ගේ දේවස්ථානයේ පාලක චාල්ස් හේවාවසම් පියතුමන් විසින් ලබා දෙන ලදී.



