සමන් පෙරේරා
හෙළයේ මහා මංගල්‍යය වූ අලුත් අවුරුදු උදාව තුටු සිතින්, සහයෝගයෙන් හා සහජීවනයෙන් සමරන්නට මංහසර විවර කරදීම අරමුණු කොට මරදන්කඩවල අල් අමීන් මුස්ලිම් මහා විද්‍යාලය මගින් සංවිධානය කළ “විදුබිම අවුරුදු සිරිසර 2025” නමින් වූ විශේෂ අවුරුදු උත්සවයක් මරදන්කඩවල අල් අමීන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් විය.
විද්‍යාලයිය විදුහල්පතිතුමාගේ උපදෙස් මත ක්‍රීඩා විෂය භාර ආචාරිණි චමිලා බාලගේ මහත්මියගේ විෂය සමගාමී ව්‍යාපෘතියක් ලෙස ආචාර්‍ය මණඩලය හා දෙමාපියන් එක්ව මෙය සංවිධානය කර තිබුණි.
පාසල් පද්ධතිය තුළ දැනුමින් පෝෂණය වන දරු දැරියන් විෂය සමගාමී කටයුතු සඳහා වින්දනාත්මක ලෙසින් සහ ක්‍රියාකාරී ලෙසින් සහභාගී කර දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත.
සිඟිති අවුරුදු කුමරා, කුමරිය, කණාමුට්ටිය බිඳීම, කඹ ඇදීම, අලියාට ඇස තැබීම, සංගීත තොප්පිය දැමීම ආදි අලුත් අවුරුදු විනෝද ක්‍රීඩා හා ජනප්‍රිය ක්‍රීඩා රැසක් සමඟින් ජාති ආගම් භේද පසෙකලා විවිධ ජනවර්ගවල දූ දරුවෝ සහභාගිවීම විශේෂත්වයක් විය. එමෙන් ම සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සංස්කෘතික විශේෂාංග කීපයකින් ද අවුරුදු උත්සවය විචිත්‍රවත් විය.
මේ සඳහා කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයට අයත් අල් අමීන් මුස්ලිම් විදුහල, ශ්‍රී රාහුල විදුහල, ඔලුකරඳ මහ විදුහල, ගනේවල්පොල මුස්ලිම් විදුහල, කැකිරාව බැප්ටිස්ට් මිෂන් දෙමළ විදුහල, කොල්ලන්කුට්ටිගම මුස්ලිම් විදුහල, ඉහල පුලියන්කුලම මුස්ලිම් විදුහල යන පාසල් 06ක සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් දරුවන් සහජීවනයකින් යුක්තව මෙම අවුරුදු උළෙළට සහභාගී වී සිටියහ.
මරදන්කඩවල පොලිස් ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ ආරාධිතයින් පිරිසක් සහභාගි වූහ.

