පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය කලින් පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කළ පැමිණිල්ලකට ආණමඩුව පොලිසිය විසින් විශේෂ පරික්ෂණයක් පවත්විමට කටයුතු කර ඇත.
මෙලෙස පරික්ෂණයක් ආරම්භ කර ඇත්තේ නිත්‍යානුකුල නොවන අයුරීන් අදාල භුමියේ පිහිටි දැවැන්ත කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කපා බිම හෙළා දැමිම සම්බන්ධයෙන් මතුවු විරෝධතා හේතුවෙන් බව වාර්තා වෙයි.
මෙම භුමිය ආණමඩුව ප්‍රාදේශීය ලේකම් සතු ඉඩමක් වන අතර එය 656 සී පෙරමාකුත්තුව ග්‍රාම නිළධාරි වසමට අයත් බව කියයි. මෙම ස්ථානයේ වසර ගණනාවකට පෙර ආණමඩුව විවිධ සේවා සමුපකාරයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන ගොස් තිබු නමුත් පසුව ප්‍රධාන කාර්යාලය ආණමඩුව නගරයට රැගෙන ඒමත් සමග පැරණි ගොඩනැගිලි සහිත භුමිය වල්බිහිවි තිබුණි.
කෙසේ වෙතත් මෙම භුමියේ තිබු විශාල හා කුඩා ප්‍රමාණයේ කොහොඹ ගස් රැසක් මෙලෙස කපා දමා ඇත්තේ නිසි අවසරයකින් තොරව බව කියැවේ.
මේ හේතුවෙන් අදාල සිද්ධිය දැන ගැනිමත් සමග අදාල ඉඩමේ නිත්‍යානුකුල හිමිකාරිත්වය ආණමඩුව ප්‍රාදේශීය ලේකම් යටතේ තිබිම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් සුභාෂීනී විජයතුංග මහත්මිය විසින් කඩිනම් පරික්ෂණයක් පවත්වා තිබුණි.
පසුව ඒ පිළිබදව විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසට දන්වා ආණමඩුව පොලිසියට ලිපියක් යොමු කර තිබු අතර, අදාල දැව තොගය දැව සංස්ථාවට අදාල නිත්‍යානුකුල පරිපාටිය යටතේ ලබා දිමට කටයුතු කර තිබුණි.
අදාල සිද්දිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ජයරත්න මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙම පැරණි ගොඩනැගිලි සහිත ඉඩමේ එක් ගොඩනැගිල්ලකට දිරා ගිය ගසක අත්තක් වැටිමට තිබු අවදානම ගැන දැන ගැනිමත් සමග එම අත්ත ඉවත් කිරීමට පමණක් උපදෙස් ලබා දී තිබු නමුත් ,එම කටයුත්ත බාර ගත් තැනැත්තා විසින් ඉඩම තුළ සියලු ගස් කපා දමා ඇති බවට තමන්ද පසුව දැන ගත් බවයි.
නමුත් එසේ කැපු කිසිදු ගසක කොටසක් තමන් හෝ වෙනත් අයකු රැගෙන ගොස් නැති බවත් ඔහු පැවසීය.


