සමන්ත රණසිංහ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයට

යසංග මහවිතාන

සමන්ත රණසිංහ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය

ඒ අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරය සඳහාය.

ඒ අනුව සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අද (8) උදෑසන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ  දිවුරුම් දුන්නේය.

ඉන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

සමන්ත රණසිංහ මහතා පසුගිය 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *