තිහගොඩ සමථ මණ්ඩලයේ සමථ කරමින් තිබු ආරවුලක් අතරතුර ඇතිවු ආරවුලකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වෙති.
තිහගොඩ පෙතංගහාවත්ත ශ්‍රී සුධර්මාරාම පුරාණ රාජ මහා විහාරයේ දි තිහගොඩ සමථ මණ්ඩලය (25 ) දින පවත්වා තිබු බව සදහන් වෙි .
එම සමථ මණ්ඩලයේදී පහරදිමක් සම්බන්ධ ආරවුලක් සමථ කරමින් සිටින අවස්ථාවේදි එම පාර්ශ්ව දෙක අතර ඇතිවු බහින්බස් විමක් දුරදිග යැමෙන් පසුව වගඋත්තරකරු විසින් පැමිණිලි පාර්ශ්වයේ පියාට සිදුකරනු ලැබු පහර දිමකින් අනතුරුව තුවාල ලැබු පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදි (25) රාත්‍රී ජිවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
යාබද නිවෙස් දෙකක ඥාතීන් දෙපිරිසක් අතර කලක සිට ආරවුලක් පැවති ඇති අතර ඉකුත් 08 වන දින එම නිවෙස් දෙක අතර ඇතිවු බහින්බස් විමක් අතරතුර සිදුවු පහරදිමක් සම්බන්ධයෙන් තිහගොඩ පොලීසියට සිදුකළ පැමිණිල්ලකට පසුව එය සමථ මණ්ඩලයට යොමු කොට (25 ).දින උදැසන සමථයට පත් කරමින් සිටින අවස්ථාවේදි මෙම පහර දිම සිදුව ඇති බව පැවසේ.
පහර දිම සිදු කොට ඇත්තේ පැමිණිල්ලේ වගඋත්තරකරුවා විසින් පැමිණිලි පාර්ශ්වයේ පියාට වන අතර වගඋත්තරකරු විසින් පැමිණිලිකරුගේ පියා සමථ කරන ස්ථානයට පැමිණි සිටිම සම්බන්ධයෙන් සිදු කල ප්‍රශ්න කිරිම දුරදිග යැමෙන් අනතුරුව වගඋත්තරකරු විසින් සිදුකල පහරදිමත් සමග පහරකෑ පුද්ගලයා එම ස්ථානයේ ඇද වැටිමෙන් හිසට සිදවු තුවාල හේතුවෙන් මාතර මහා රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබිණි.අනතුරුව තුවාලකරුගේ තත්වය බරපතල විම හේතුවෙන් කරාපිටිය රෝහල මාරු කොට යවා තිබිණි
එහි ප්‍රතිකාර ලබමින් සිටියදි ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තිහගොඩ කෝමංගොඩ ප්‍රදේශයේ පදිංචිව සුමනසේන වීරතුංග නැමති 74 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි .
සිදුවිම සිදුවු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය මාතර වැඩබලන මහේස්ත්‍රාත් ධම්මිකා රණසිංහ මහත්මිය විසින් සිදු කරන ලද අතර පහරදිම සිදුකල සැකකරු වු තිහගොඩ කොමංගොඩ ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි පුද්ගලයා තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .සිදුවිම සම්බන්ධයෙන් තිහගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .


