සබරගමුවේ සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත්,තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ලසන්ත  නිරෝෂණ පෙරේරා , S.රත්නායක.

නවකවදය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ  තාක්ෂණ පිඨයේ සිසුවෙකු සිය දිවි නසා ගැනිමට   අදාළව සැකපිට තවත් සිසුන් දෙදෙනෙක් අද (6)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙක් වන අතර එම සිසුන් දෙදෙනාද සමග ඊයේ  05 රාත්‍රි අත් අඩංගුවට ගත් අනෙක් සිසුන් හතර දෙනා අද බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිඹුණි .

මේ අනුව සබරගමු ව්ශ්ව ව්ද්‍යාලයේ සිසුන් දහ දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන තිබේ . ඉන් සිවු දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිසුවාගේ සිය දිවි නසා ගැනිමට   අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත  බන්ධනාගාරගත   කිරිමට     බලන්ගොඩ   ප්‍රධාන  මහේස්ත්‍රාත්  භාග්‍යා  දිල්රැක්ෂි  වික්‍රමසිංහ මෙනෙවිය   05 වනදා නියෝග කළාය.  

මහරගම, ඇරැව්වල,හික්කඩුව ඇඹිලිපිටිය හබර අඩුවෙමු කදිංචිි සබරගම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  සිසුන් සිව් දෙනකු එලෙස බන්ධරාගාර ගත කිරීමට නියෝග ලැබී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය.

චරිත් සමග නවකවදධයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය පසුගියදා ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබේ.

අනතුරුව මෙම නවකවධ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *