සබරගමු පළාත් ලේකම් බන්ධනාගාර රියට ගෙන යද්දි විඩියෝ කිරිමට බාධා.

කහවත්ත, ලසන්ත නිරෝෂණ

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ  ඇතුඵ   ව්‍යාපෘති 77 කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා  රුපියල් මිලියන 77 ක වංචාව සිදු අද බවට වන චෝදනා මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ව්සින් අත් අඩංගුවට ගත්  සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යංශයක හිටපු ලේකම්වරයෙකු ලබන  08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්  තිළිණ  මහේෂ් පීරිස් මහතා ඊයේ ( 29 )නියෝග කළේය.

  මුදල් වෙන්කර ඇතත් අදාළ ව්‍යාපෘති සිදු කර නැති බව පරික්ෂණවලදි අනාවරණය විය.

මෙම සැකකරු සහ සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරිමෙන් පසු බන්ධනාගාර රථය වෙත රැගෙන එද්දි කිහිප දෙනෙකු කුඩ හරස් කරමින් මාධ්‍යවේදීන්ට ඔවුන් ව්ඩියෝගත කිරිම  අවහිර කළහ

   අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මග හැර සිටි  සැකකාර සහකාර අධ්‍යක්‍ෂක වරිය     27 වනදා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ නිලධාරින් ව්සින් අත් අඩංගුවට ගෙන තිබුණි.

ඇය ගැන ව්මර්ශන කිරිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සබරගමු පළාත් සභාවටද පැමිණ  තිබුණි .ඇය සේවයට වාර්තා කළහොත් පරික්ෂණ සඳහා ඒ බව දැනුම් දෙන ලෙසද පරික්ෂණ නිළධාරින් විසින් සබරගමු පළාත් සභා බලධාරින්ට දන්වා තිබුණි.

සබරගමු පළාත් මාර්ග සංවර්ධන , ග්‍රාමීය යටිතල පහසුකම් , සංචාරක සංවර්ධන , පළාත් මාර්ග නඩත්තු අමාත්‍යංශයේ සහකාර සැළසුම් අධ්‍යක්ෂවරිය එලෙස  අත් අඩංගුවට ගෙන තිබේ .

රත්නපුර දිස්තිුක්කයේ හිටපු ප්‍රාදේශිය ලේකම්වරයෙකු මෙන්ම පසුව සබරගමු පළාත් මාර්ග සංවර්ධන , ග්‍රාමීය යටිතල පහසුකම් , සංචාරක සංවර්ධන , පළාත් මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයෙකු  වු අනෙක් සැකකරු  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට  නීතිඥයෙකු මගින් භාර විය.

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිළධාරිවරයෙකු , ව්ෂය ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු  ද මෙයට පෙර මෙම වංචාව ගැන සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රීඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත් ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදි කර නොතිබිණි. විගණන පරික්ෂණයකින් මෙම වංචාව හෙළිවීමෙන් පසු සබරගමු පළාත් සභාවේ ලේකම්වරයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ .

පසුගිය 2016 සහ 2017 වර්ෂ වලදි මෙම  මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුඵ  ව්‍යාපෘති 77ක්  සිදු කර ඇතැයි  අසත්‍ය ලේඛණ ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචා සිදු කර ඇතැයි සබරගමු පළාත් සභාව සිදු කරන ලද පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *