ලක්මිණි නදීෂා
සබරගමුව සරසවි සිසුන්ට නවක වදය දීමේ සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පොලීසිය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා සබරගමුව සරසවියේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් පසුගිය 29 වන දින සමනලවැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව ඊයේ(02)
දින සමනල වැව පොලිස් ස්ථානය මගින් නවක වදයට ලක් වූ එම විශ්ව විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කර තිබේ.
2025.05.03 වන දින වැඩ බලන පොලිස්පතිතුමාගේ නියෝග පරිදි ඉහත පැමිණිල්ලට අදාල ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතභාරදී ඇත.
