(අජිත්ලාල් ශාන්තඋදය)
49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කිලෝ මීටර් තිහක් දුරැති සබරගමු පළාත් මැරතන් තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය A.D.P.P. සෝමරත්න ද, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය A.N.L ආරියදාස ද දිනා ගන්නා ලදී.
තරග ආරම්භය ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය ඉදිරිපිටින් සිදුවිය. එතැන සිට පදලංගල, තුංකම හරහා බරවාකුඹුර දක්වා 15Km ක් ගොස් නැවත ඵම මාර්ගයේම ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනය තෙක් පැමිණ තරගය අවසන් විය.
මැතරන් තරගයේ පිරිමි අංශයේ දෙවන ස්ථානය A.R.D.N.S කරුණාරත්න ද තෙවන ස්ථානය K.D.S ප්‍රේමරත්න ද දිනා ගත්තේය. කාන්තා අංශයේ දෙවන ස්ථානය A.S.N බණ්ඩාර ද, තෙවන ස්ථානය A.L.S.N ලියනගේ ද හිමිකර ගත්තාය.
ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සබරගමු පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව මඟින් මුදල් ප්‍රදානය කරනු ලැබීය. ප්‍රථම ස්ථානය සඳහා රුපියල් විසි පන්දහසක් (25,000) ද දෙවන ස්ථානය සඳහා රුපියල් විසි දහසක් (20,000) ද තෙවන ස්ථානය සඳහා රුපියල් දස දහසක් (10,000) ද පිරිමි සහ කාන්තා දෙඅංශයේ සිව් වන ස්ථානයේ සිට දසවන ස්ථානය දක්වා රුපියල් දස දහස (10,000) බැගින් ද ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එසේ පිරිනමන ලදී.
ජූලි 18 වන දින ගාල්ල නගරය ආශ්‍රිතව පැවැත්වෙන ජාතික තරඟ සඳහා ජයග්‍රහණය කල මැරතන් ශූරයින් සබරගමු පළාත් නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

