– කතෘ – බුද්ධික වීරසිංහ, හික්කඩුව –
මනසින් උසස් යයි කියනු ලබන මිනිසුන් විසින් පාලනය වන වන සතුන් පිළිබඳ කටයුතු කරන ආයතනයක පහත් ක්‍රියාකාරකම් මිනිස් බුද්ධිය වඩා උසස් යයි කියවෙන පිළිගැනීම පිළිබඳව සැක පහළ කරවයි..
රජයේ ආයතනයක වාහනයක් අනතුරට පත් වුවහොත් ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් දින හතක් තුළ ඉදිරිපත් කළ යුතුය .එසේ නොහැකි වන විටෙක ප්‍රාරම්භක වාර්තාවක් වහාම යැවිය යුතුය.ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයට අනුවය. මුදල් රෙගුලාසි 104(3),104(4) මේ පිළිබඳ සඳහන්ය. එහෙත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට මේ නීති රීති අදාළ නොවන බැවින්දෝ දින 114-204 ගතවී ඇතත් අනතුරට පත් වාහන තුනක් පිළිබඳව ප්‍රාරම්භක වාර්තාවක් හෝ පරිපූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ.
වාහන භාවිතා කරන නිලධාරින් විසින් හෝ නිලධාරින් නොමැති අවස්ථාවක රියදුරන් විසින් සිදුවන සියලුම වාහන අනතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට දැන්විය යුතුවේ මුදල් රෙගුලාසි 1642 හී ඒ බව සඳහන්ය.එහෙත් 2023 ජනවාරි සිට 2024 පෙබරවාරි දක්වා එසේ සිදුවූ අනතුරු හතරක් සම්බන්ධව පැමිණිලි කර නැත.
ඕනෑම අමාත්‍යංශයක විෂය යටතට අයත් ආයතන වල විෂයන් කාර්යයන් ඊට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් හා ව්‍යාපෘති සම්පාදනය කිරීම් ක්‍රියාත්මක කිරීම් පසු විපරම් කිරීම් හා ඇගයීම්, අමාත්‍යාංශය සතු වගකීමකි. එහෙත් වනජීවී අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු දෙකක හා අරමුදලක 2023 ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් කාර්යයන් තිස් අටක පසු විපරම් කටයුතු කිරීම අමාත්‍යාංශය විසින් පැහැර හැර තිබේ. එම කාර්යයන් තිස් අටෙහි වටිනාකම රුපියල් 23,094,700.කි.
ලෝක බැංකු (ISRD) ණය සහ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) ණය හා ප්‍රතිපාදන සම්බන්ධයෙන් 2011 වර්ෂයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබේ. එහි 3:7 වගන්තියට අනුව සෘජු ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කිරීමට හා අදාළ සැපයුම්කරු තෝරා ගැනීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් හේතු ලෝක බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුවේ. එහෙත් ඇස්තමේන්තු වටිනාකම රුපියල් 793,534,305 ක් වූ නුවරඑළිය වන විද්‍යා ආයතනයේ වැඩ අවසන් නොකළ ඉදිකිරීම් වලට අදාළ කොන්ත්‍රාත්කරු සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මකව නැත. ලෝක බැංකුවෙන් සෘජු ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බවට තබා එවැනි තහවුරු කිරීමක් කළ බවට වත් සනාථ වී නැත. 2023 මාර්තු මස 01 දින අමාත්‍යාංශ ප්‍රසම්පාදනය කමිටු රැස්වීමේදී එම කමිටු රැස්වීමේදී එම වන විද්‍යා ආයතනයෙහි ඉතිරි ඉදිකිරීම් නව සමාගමකට පැවරීමට තීරණය විය. නව සමාගම සම්බන්ධයෙන් එකඟ වූ මිල ගණන් සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ස්ථාවර තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලබාගත යුතු විය. එහෙත් අමාත්‍යාංශය විසින් එවැනි අනුමැතියක්ද ලබාගෙන නොමැත.
වන විද්‍යා ආයතනය ඉදිකිරීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 1345කි. මුල් කොන්ත්‍රාත්කරු විසින් මෙම ඉදිකිරීම් කටයුතු සියයට පනහකට වඩා නිමකර සිටියදී ඉතිරි වැඩ කොටස් නිම කිරීමට වෙනත් කොන්ත්‍රාත් සමාගම් දෙකකට බාර දෙන ලදී ඒ සඳහා ගණන් බලන ලද වියදම රුපියල් මිලියන 793534,305 කි. ඉදිකිරීම් නතර කරන විට මුල් කොන්ත්‍රාත්කරු විසින් කනිෂ්ඨ සේවක මණ්ඩලය නිල නිවාසයේ විදුලිය සවිකිරීම නාන කාමර හා වැසිකිළි බිත්තිවල ජලකාන්දු වැළැක්වීමට තීන්ත ආලේප කිරීම ආදී කටයුතු 60% වඩා අවසන් කර තිබුණි එහෙත් එසේ අවසන් කරන ලද වැඩ කටයුතු නැවතත් නිමා නොකළ සේ සලකානව ඇස්තමේන්තු සකස් කොට තිබුණි මේ හේතුවෙන් රජයට රුපියල් 8.586.,182 ක වැඩිපුර වියදමක් දැරීමට සිදුව තිබේ. මෙසේ ද්වි ගණනයක් සිදුව තිබේදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත්කොට ඇති බව ප්‍රධාන ගණන් ගන්නා නිලධාරියා ප්‍රකාශ කරයි.
අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ගම්මාන හා කුඹුරු වටා විදුලි වැට ඉදිකිරීමට උපකරණ වනජීවී අමාත්‍යංශය විසින් මිලට ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය උපකරණ කොටස් නිකුත් කිරීමෙන් පසු රුපියල් 80,740,804 වටිනා උපකරණ හා එනජයිසර් බලගැන්වීමට මිලට ගත් රුපියල් 534,400 ක 12v (90AM) බැටරි දහසයක් රිටිගල මොරගොඩ හා මහදිවුල් වැව වනජීවී බීට්ටු කාර්යාල පරිශ්‍රයන්හි අනාරක්ෂිත ලෙස දමා තිබිණි.මෙම ව්‍යාපෘතිය 2023 මැයි 31 වන දිනවන විට නිමාවිය යුතුව තිබිණි. වැට ඉදිකළ යුතු වූ ගම්මාන ගණන හතළිස් හතකි. එහෙත් ඉන් වැට හතක පමණක් අර්ධ වශයෙන් වැඩ නිමා කර තිබුණි වැට නවයක් ඉදිකිරීම් ආරම්භ කර හෝ නොතිබිණි.රිටිගල වනජීවී කාර්යාලය තුළ තාවකාලික මඩුවක අනාරක්ෂිතව ගබඩා කර තිබූ විදුලි වැට ඉදිකිරීම සඳහා භාවිතා කරන කම්බිරෝල් එකසිය පනස් හතරක් (වටිනාකම රුපියල් 2,815,200) හා වටිනාකම තක්සේරු නොකළා නටා බෝල්ට් 142ක් පැහැරගන ගොස් තිබුණි එම අලාභය වගකිවයුතු පාර්ශව වලින් අය කර ගැනීමට කටයුතු කරනැත.
2023 ඔක්තෝබර් මස අමාත්‍යාංශයේ කැබ් රථයක් රියදුරු නොමැතිව ස්වයංක්‍රීයව ධාවනය වීමෙන් අනතුරට පත්විය ඒ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ගාල් කරන අවස්ථාවේදීය ඉන් සිදුවූ පාඩුව රුපියල් 988,226 කි. සුදුසු ආරක්‍ෂණ ක්‍රියාමාර්ග ගෙන නොතිබීම හේතුවෙන් හානිය පූර්ණය කළ නොහැකි බව ජාතික රක්ෂණ අරමුදල මගින් දැනුම් දී තිබේ. අදාල පාඩුව වගකිවයුතු අයගෙන් අය කර ගැනීමට අමාත්‍යංශය විසින් කටයුතු කර නැත.
අමාත්‍යාංශයේ එකසිය පනස්තුනක් වූ අනුමත සේවක සංඛ්‍යාවෙන් 42ක් පුරප්පාඩුව පවතී.ඉන් දහ අටක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ දෙකක් තෘතීක මට්ටමේ දාහතක් ද්විතීක මට්ටමේ හා අටක් ප්‍රාථමික මට්ටමේ තනතුරු වේ. එහෙත් අනුමත සේවක සංඛ්‍යාවට අයත් නොවී බහු කාර්යසේවකයන් හත් දෙනකුගේ අතිරික්තයක්ද පවතී.
රටේ පුරවැසියන් ජීවත්වීමට සටන් කරන අතරතුර දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් අත්තනෝමතික ලෙස ක්‍රියා කරමින් ආර්ථිකයා ඝාතනයක නිරතවීම කෙතරම්ම සාධාරණදැයි තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි.