සංචාරක හෝටලයක් මගින් ඉන්ධන ( ඩීසල් )  මුහුදට මුදා හැරීම

තරංග ගුණරත්න, වැලිගම

වැලිගම  කප්පරතොට  කළු කන්ද ප්‍රදේශයේ  පවත්වාගෙන යන  සංචාරක හෝටලයක් මගින් ඉන්ධන ( ඩීසල් )  මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි .

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ  පවත්වාගෙන යන සංචාරක හෝටලයක ජෙනරේටරයක් සදහා   ගබඩාකොට තිබූ  ඉන්ධන (ඩීසල් )  කිසියම් ප්‍රමාණයක් කාන්දු වීමක් සමඟ  හෝටලය අසල තිබූ කානුවක් මගින්    කළු කන්ද මුහුදට මුදා  හැරිමට කටයුතු කොට ඇති බවත්, එහිදී  එම සංචාරක හෝටලය අවට ප්‍රදේශයේ ජනතාවට  හිරිහැරයක් සිදුව ඇති බවත්,   කළු කන්ද  ප්‍රදේශයේ  වෙරළ තීරයට ඉන් විශාල බලපෑමක් සිදුව ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් 

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පැමිණිලි කොට තිබේ.
එ අනුව  හෝටලයේ ගබඩා කර තිබූ ඩීසල් කිසියම් ආකාරයෙන් පරිසරයට මුදා හැරීම සම්බන්ධව  විධිමත් පරීක්ෂණයක් සිදුකොට  එම ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *