සංචාරක හා මගී ප්‍රවාහනයට බෝට්ටු සේවයක්

එස්. රත්නායක

 

 

 ජලාශ්‍ර හා ජල ධාරා භාවිතයෙන් සංචාරක හා මගී ප්‍රවාහන ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීම – රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ලබාදීමට කැබිනට් අනුමැතිය  ලැබී තිබේ.

ශ්‍රී ලංකාව දූපතක් මෙන්ම ජලාශ්‍ර හා ජල ධාරා පිරුණු රටක් බැවින් මෙම ජල සම්පත් සංචාරක කර්මාන්තය සහ නගර මගී ප්‍රවාහනය වර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් ලෙස භාවිතා කිරීමේ හැකියාවක් පවතින අතර, ජල මාර්ගයන් භාවිතා කර බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

ඒ අනුව, පුත්තලම-කොටුව, ගාල්ල-කොටුව, සහ ගාල්ල-මාතර අතර වෙරළ තීරය ඔස්සේ මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, සංචාරක හා මගී ප්‍රවාහනය වර්ධනය කිරීමත් අපේක්ෂා කෙරේ.

හැමිල්ටන් ඇල, බේරෙවැව,දියවන්නා ඔය,මාදු ගඟ(Hamilton Ela, Bere Wewa, Diyawanna Oya,  Madu Ganga )වැනි ආරක්ෂාකාරී ජලාශ්‍ර භාවිතයෙන් ඇතුලතින් ජල මාර්ගයන්ද සංචාරකයින්ට ආකර්ෂණීය කරවීමේ අපේක්ෂාවද පවතී.

 විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මත, මෙය ක්‍රියාත්මක කිරීම සදහා ශක්තිමත් ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා හැකිතාක් ඉක්මනින් ඉදි කිරීමට හැකි  ශක්‍යතා අධ්‍යනයක් (feasibility study) සිදු කිරීම සඳහා සහ එම අධ්‍යයනයේ ප්‍රතිඵල මත පදනම්ව රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

කැබිනට් මණ්ඩලය 21 දින පැවති කැබිනට් රැස්වීමේදී  මෙම තීරණය ගෙන ඇත.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *