වැලිගම තරංග ගුණරත්න
මිරිස්ස ප්‍රදේශයේ ලැගුම්ගෙන සිටින විදේශීය සංචාරකයන් සදහා පැවැති අවුරුදු උත්සවය මිරිස්ස වෙරළ තීරයේදී අද (14 )දින දවස පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙරට පැමිණ මිරිස්ස ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටින සංචාරකයන් ඉලක්ක කරමින් සංචාරක ව්‍යාපාරිකයන් විසින් මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි. එහිදී කිරිබත් සහ රස කැවිලි වලින්ද සංචාරකයන්ට සංග්‍රහ කෙරිණි.
අලියට ඇස තැබීම, කණාමුට්ටිය බිඳීම, බිත්තර ඇල්ලීම, යෝගට් කැවීම ඇතුළු විවිධ ජන ක්‍රීඩා රැසක් පැවැත්විණි.



