ෂෙනුක ප්‍රභාශ්වර ශිෂ්‍යයා ශිෂ්‍යත්ව විභාගය ඉහළින් ජයගනී      

වැලිගම – තරංග ගුණරත්න –

2024 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 187 ක් ලබා ගනිමින් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගත් දක්ෂයන් අතරට පැමිණීමට  වැලිගම  ශ්‍රී සංඝානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ෂෙනුක   ප්‍රභාශ්වර වක්වැල්ල ශිෂ්‍යයා ද සමත්ව ඇත.

  පාසල්වල ඇති ජනප්‍රියතාවය හේතුවෙන්  පාසල් වලට ලැබෙන පහසුකම් වලද වෙනස්කම් පවති.   පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේදී ද දෙමව්පියෝ  ඒ පිළිබඳව අවධානය යොමුු කරති,
නොයෙකුත් පහසුකම් සහ ජනප්‍රියතාවයන් පසෙකට දමමින්  පාසල සහ ගුරුවරුන් පිළිබඳව විශ්වාසය තබමින් පාසලට ඇතුළත් කළ දරුවාට අදාල ගුරු භවතුන් විසින්  පාසල් කාලය තුළ සහ ඉන් පසුවද අවශ්‍ය දැනුම ලබාදෙමින්, තම පාසලේ දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 187 ක් ලබා ගනිමින්   ජාතික තලයේ ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට  වැලිගම ශ්‍රී සංඝානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ෂෙනුක   ප්‍රභාශ්වර වක්වැල්ල ශිෂ්‍යයා සමත් ව ඇත.

විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස ප්‍රියංකා රූබසිංහ මහත්මියත් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස ප්‍රියංකා නිල්මිණි මහත්මිය සහ පහ වසර පන්ති භාර ආචාර්ය ඒ.බි.සි. ශාමිකා මිය සහ ඩබිලිවි .ඩි. සුජීවනී මෙනවිය  ඇතුළු ගුරු මණ්ඩලයේ  කැපවීමේ ප්‍රතිඵලය  මෙම ජයග්‍රහණයට මූලික වී තිබේ.
ෂෙනුක   ප්‍රභාශ්වර වක්වැල්ල ශිෂ්‍යයා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් කටයුතු කරන අතර  ඔහුගේ සහෝදරිය වන උදතාරි වක්වැල්ල   මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී 2020 වර්ෂයේ පැවති ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්ව ලකුණු 190 හිමි කර ගනිමින්  ශිෂ්‍යත්ව විභාගය සමත්ව තිබිණි.
ඇය මේ වන විට ගාල්ල සවුත්ලන්ඩි  විද්‍යාලයේ අධ්‍යාපන ලබයි.
ෂෙනුක   ප්‍රභාශ්වර ශිෂ්‍යයාගේ සහෝදරයෙකුද   සංඝානන්ද විද්‍යාලයේ තුන්වෙනි ශ්‍රේණියේ  අධ්‍යාපන ලබයි .  මව මල්කාන්ති අබේවික්‍රම  ගෘහණියක් ලෙස කටයුතු කරන අතර පියා රෝහණ වක්වැල්ල මහතා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටියි .
පුංචි පාසල⁣ට කීර්තියක් සහ ගෞරවයක් අත්පත් කර දුන් ෂෙනුක  ප්‍රභාශ්වර කළුවැල්ල ශිෂ්‍යයා ලකුණු 187 ක්ද  දම්සිතු අභිනද ලකුණු 176 ක්ද, නෙහාත් හිම්සර ලකුණු 155 ක්ද සිතුලි උමායා ලකුණු 150 ක්ද හුමේස් හංසක ලකුණු 148  ද ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූහ..
එම දරුවන් විසින් පාසලට අත්පත් කර දුන් ගෞරවය සහ කීර්තිය වෙනුවෙන් එම දරුවන් මහත් හරසරින් පිළිගෙන අනතුරුව විශේෂ ඇගයීමට ලක් කොට කේක් කපා ජය සැමරීමට  චාම් උත්සවයක් සංවිධානය කොට තිබිණි.
ෂෙනුක  ප්‍රභාශ්වර කළුවැල්ල ශිෂ්‍යයා මෙසේ පැවසීය.
මම කුඩා කාලයේ පටන්  පාසලේ කටයුතු හොඳින් කළා . ගුරුවරු කියන දේට ඇහුම්කන් දුන්නා  අධ්‍යාපනය විතරක් නොවෙයි ක්‍රීඩා කළා; පොත්පත් , පත්තර කියෙව්වා .
මගේ ජයග්‍රහණයට හේතුව තමයි  මගේ පාසලේ ගුරුවරු ,අම්මා ,තාත්තා,… ඒ අයගේ උපදෙස් අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම පිළිපැද්දා
අද මට හරි සතුටුයි ඉස්කෝලෙට ගෞරවයක් ගේන්න මට වාසනාව, හැකියාව ලැබුණා, මගේ අනාගත බලාපොරොත්තුව තමයි  සාමාන්‍ය පෙළ විභාගයක්, උසස් පෙළ විභාගයත්  ඉහළින් සමත් වෙලා  ඉංජිනේරුවරයෙක් වෙන්න ඒ තුළින් මගේ පාසලටත් මගේ රටටත් අවංක සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රියංකා රූබසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.
ෂෙනුක  ප්‍රභාශ්වර  දරුවාගේ කැපවීමත්, ගුරුවරුන්ගේ කැපවීමත්  , දෙමව්පියන්ගේ උනන්දුවත් නිසා   අද විශාල ජයග්‍රහණයක් පාසලට ලැබී තිබෙනවා  ඒ  සතුට වචනයට පෙරලන්න බෑ,, තවත් දරුවෝ හතර දෙනෙක් ඉහළින් සමත්ව තිබෙනවා  සියලුම දරුවන්ට අනාගතය  ජයගන්න මම සුභ පතනවා.
ෂෙනුක  ප්‍රභාශ්වර ශිෂ්‍යාගේ මව වන මල්කාන්ති අබේවික්‍රම  මෙසේ පැවසීය .

නගරයේ ඇති  පාසල් අතර  මේ පාසල අඩු පහසුකම් යටතේ පවත්වාගෙන යන්නේ නමුත් පාසල සහ ගුරුවරු පිළිබඳව විශාල විශ්වාසයක් අප තුළ තිබෙනවා ඒ නිසා තමයි අපේ දරුවොත් මේ පාසලට එන්නේ    ඇත්ත වශයෙන්ම අපේ දරුවගේ ජයග්‍රහණය පිළිබඳව හරිම සතුටුයි   මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපේ දරුවා වෙනුවෙන් කරන උදව්වක් හැටියට   මේ පාසල දියුණු කරගන්න උදව් කරන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *