ශිෂ්‍යත්ව විභාගයේ නැවත පරීක්ෂණ ප්‍රතිඵල සමඟ පාසල් අයදුම් කිරීම ගැන දැනුම්දීමක්

නික්කි රණසිංහ

2024 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිටත් නිකුත් කර ඇති බවත් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීමට දැන් හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

අයදුම්පත් මේ වනවිටත් අයදුම්පත්‍ර පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති අතර 5 ශ්‍රේණිය ඉගනුම ලැබූ පාසලේ විදුහල්පතිගෙන් එම අයදුම් පත්‍රය ලබා ගැනීමට හැකියාව තිබේ.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය නැවතත් විදුහල්පති වෙතටම ලබා දිය යුතු අතර විදුහල්පති විසින් 2024/03/25 යන දිනයට පෙර මාර්ගගතව අයදුම් පත්‍රය යොමු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා සිටියි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *