ශ්‍රී ලංකන් ගුවන් සේවයට  අලුතින් එක්වූ හැඩකාරයා

ලක්මිණි නදීෂා 

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ ඒ 330 – 200 පුළුල් බඳ සහිත එයාර්’බස් යානය අද(04) උදෑසන ජනතාවට දැක බලා ගැනීමට අවස්තාව ලැබුණි.

එය අද උදෑසන අඩි 1,500ක උසකින් පියාසර කළේය.

කොළඹ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා මෙම යානය පියාසර කළ අතර පසුව කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණි යානය ගොඩබෑමට පෙර ගුවන් තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා, ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 – 243 වර්ගයයේ පුළුල් බද සහිත (Wide Body) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළට අද (04)න උදෑසන සම්ප්‍රාප්ත විය.

මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදනය කරන ෂටරූ (Chateauroux ) ගුවන් තොටුපොළේ සිට පැය 11 ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග මහතා විසින් පදවා ගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය දක්වා තිබුණි.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වූ පසුව , පානදුර , මොරටුව ඔස්සේ , එම ප්‍රදේශ වල ජනතාවට පහසුවෙන් දැක බලා ගැනීම සදහා අඩි 1,000 ක පමණ උසකින් කටුනායක ගුවන් තොටුපොළ දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1202 දරන මෙම ගුවන් යානය උදෑසන 10.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා වීමෙන් පසුව , ජල ආචාර ( Water Salute )  පවත්වා , පිළිගෙන ,  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බෝයිං – 747 හැංගරය වෙත , රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මැද සම්ප්‍රාප්ත විය.

මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර , ඒවා අතරින් 10 ක් පුළුල් බද සහිත ගුවන් යානා වේ. ඉතිරි 13 පටු බද සහිත ( Narrow Body ) ගුවන් යානා වන අතර , තවත් පුළුල් බද සහිත ගුවන් යානා දෙකක් මිළදී ගැනීම සදහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා මෙම ගුවන් යානය පිළිගැනීමේ උත්සවයේ දී අනාවරණය කළේය .

මෙම නවතම ඒ.- 330 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන (Economy Class  ) 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන ( Business Class)18 කින් සමන්විත වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *