ශ්‍රි ලාංකිකයින් 1154දෙනෙකුට ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා වරම්

 

දිනේෂ් රූපසිංහ –  කොළඹ

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 1154 දෙනෙකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

 

මේ අතර, ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් රැකියා ලාභීන් 22 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා (18) කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 

එසේම තවත් 32  දෙනෙකු ද ඇතුලු  කණ්ඩායම් 4 ක් ඊශ්‍රායලය බලා පිටත් වීමට නියමිතව ඇත.

 

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමට ද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.  ඊශ්‍රායලයේ  ඉදිකිරීම් රැකියා රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිඳු පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *