(ලක්මිණි නදීෂා )
වොෂින්ටනයේ යුදෙව් කෞතුකාගාරයක් අසලදී ඊයේ (21) පස්වරුවේ ඊශ්‍රායල තානාපති කාර්’යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් පවසයි.
එක්සත් ජනපද අගනුවර FBI හි ක්ෂේත්‍ර කාර්යාලයෙන් තරමක් දුරින් පිහිටි කැපිටල් යුදෙව් කෞතුකාගාරයෙන් පිටත මෙම වෙඩි තැබීම සිදුව ඇත. ඉන්පසු නොයෙම් X ගිණුමේ සටහනක් තබමින් මෙම ඝාතන නිවේදනය කළේය.
වොෂින්ටනයේ එක්සත් ජනපද නීතිඥවරිය ලෙස සේවය කරන හිටපු විනිසුරු ජෙනීන් පිරෝ සමඟ ඇය එම ස්ථානයේ සිටි බව එක්සත් ජනපද නීතිපති පැම් බොන්ඩි පැවසුවාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනොන්, වෙඩි තැබීම “යුදෙව් විරෝධී ත්‍රස්තවාදයේ දූෂිත ක්‍රියාවක්” ලෙස හැඳින්වීය.
“මෙම සාපරාධී ක්‍රියාවට වගකිව යුතු අයට එරෙහිව එක්සත් ජනපද බලධාරීන් දැඩි පියවර ගනු ඇතැයි අපට විශ්වාසයි,” ඩැනොන් X හි සටහනක් තබමින් පවසා ඇත. “ලෝකයේ සෑම තැනකම තම පුරවැසියන් සහ නියෝජිතයන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායලය අධිෂ්ඨානශීලීව ක්‍රියා කරනු ඇත.” යනුවෙන් එම සටහනේ දැක්වේ.
මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී පැමෙලා ඒ ස්මිත් පැවසුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඇය ඉලිනොයිස් හි චිකාගෝ හි 30 හැවිරිදි එලියාස් රොඩ්‍රිගස් ලෙස හඳුනාගෙන ඇති බවත්ය.
එලියාස් රොඩ්‍රිගස්

ඊශ්‍රායල තානාපති කාර්’යාලයේ කාර්’ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා
