වේලනෙයි ප්‍රදේශයේ එළුවන් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය.

යාපනය,වේලනෙයි ප්‍රදේශයේදී එළුවන් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ(16) රාත්‍රියේ ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසිය වෙත භාරදුන් බව කයිට්ස් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වේලනෙයි ප්‍රදේශයේ සිදුවන එළුවන් සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවු ප්‍රදේශවාසීන් විසින් නීති විරෝධිව කැබ් රථයකින් එළුවන් පටවාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාරදී තිබු බවයි.

සැකකරුවන් අල්ලාගන්නා අවස්ථාවේ එළුවන් හය දෙනෙකු සොරකම් කොට කැබ් රථයේ පටවාගෙන යමින් සිට ඇති බවද පොලිසිය පැවසූහ.

වේලනෙයි ප්‍රදේශයේ කලෙක සිට එළුවන් හා ගවයින් සොරකම් කරගෙන යාමේ ජාවාරමක් ක්‍රියාත්මකව පැවැති බවද පොලිසිය පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කැබ් රථය යාපනය,කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *