වෙඩි බෙහෙත් දැමූ බටයක් පිපිරීමෙන් දරුවෙකු මරුට

(සංජීවනි පද්මසේන) 

කෑගල්ල, පිංදෙණිය ජාතික පාසලේ නවය වසරේ ඉගනුම ලබන දාහතර හැවිරිදි පිරිමි දරුවෙකු වෙඩි බෙහෙත් දැමූ යකඩ බටයක් දැල්වීමට යාමේ දී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙම දරුවා සිංහල අලුත් අවුරුද්දට ගෙනවිත් ඉතිරි වී තිබූ රතිඤ්ඤා කිහිපයක් කඩා වෙඩි බෙහෙත් ටික යකඩ බටයකට දමා ගිනි දල්වා ඇත. එවිට පුපුරා ගිය බට කැබැල්ල වැදී හිස සහ ගෙල අතර කොටසෙහි විශාල කැපුම් තුවාලයක් ඇති වී තිබේ.

එහිදී ඇතිවූ අධික රුධිර වහනය නිසා අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ කෑගල්ල පිංදෙණිය ප්‍රදේශයේ පදිංචි ඉමල්ක රන්සිළු නැමැති දරුවෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *