වී මිලට කැමති වුණේ පාරිභෝගිකයා ගැන හිතලා….

ඇහැලියගොඩ- රන්ජන් මඩගම්මන

“….පාරිභෝගිකයා ගැන හිතල  වී මිලට අපි අකැමැත්තෙන්  හරි එකග වුණා .. මෙවැනි මිලක් නියම කිරිම ගැන අපි නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයාට ස්තුති වන්ත වෙනවා……’

ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ  සභාපති  ඒ.කේ.ජී. තිලක බංඩාර මහතා  ඇතුලු ගොවීන් පිරිසක් අද 10දින දහවල් දෙහිඅත්තකණ්ඩිය හුංගමාලගම  දී  වී ,මිල සහ සහල් මිල ඇතුළු ගොවි ගැටළු සම්බන්ධයෙන් අදහස් දැක්වීමින් ප්‍රකාශ කළෝය.

‘……..මේ වී මිල මදි බව අපි පිළිගන්නවා.පාරිභෝගිකයන් ගැන හිතල මේ වී මිලට අකමැත්තෙන් හරි එකඟ උනා. මෙවැනි වී මිලක් හෝ දීපු එකට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාට ස්තූති වන්ත වෙනවා. සමහර මහාචාර්යවරු කියනවා රුපියල් 120/= ට වී ගත්තම .රුපියල් 240/= ට හාල් දෙන්න වේවිලු. ගොවියා මාස 6 ක් ජීවත් වෙන්නේ දහදුක් විදල ගන්න වී ටිකෙන්. ගොවියට 120/= දෙනකොට මුදලාලිට කොහොමද 120/= ක් දෙන්නේ. හාල් මිල වැඩිකරන්න අපි ඉඩදෙන්න  නෑ. වී කිලෝ 100 කින් හාල් කිලෝ 65 ක් 70 ක් ගන්න පුලුවන්. ලොකු මෝල් කාරයින් සමග ඩීල් දාන්න එපා. 

කෘෂි රක්ෂණ මණ්ඩලයේ වන්දි දීම පිළිබදව අපට විශාල ගැටලු තියනවා. රු. 900/= වන්දි තක්සේරු කර ඇති බව වැලිකන්ද ගොවීන් මැසිවිලි නගනවා.පරණ චක්‍රලේඛයන් අහෝසි කර සාධාරණ වන්දි ක්‍රමයක් හැදිය යුතුයි.

ගොවීන්ගේ වී වැඩි මිලට කුඹුරට ඇවිත් පුද්ගලික වෙළෙන්දා ගන්නකොට තරාදිය පිලිබදව අපට සැකයක් තියනවා. මේ ගැන රජය බැලිය යුතුයි. මගේ වී ගෝනියෙන් කිලෝ 3 ක් අඩුවෙන් පුද්ගලික වෙළෙන්දා කිරල මට අහු උනා. 

ගොවියගෙ වී ටික ගන්න දෙහිඅත්තකණ්ඩියේ අද වී අලෙවි මණ්ඩලය සූදානම් නෑ. හාල් මිලේ අර්බුදයක් ආවොත් වී අලෙවි මණ්ඩලය වගකිව යුතුයි…’.ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *