විශ්‍රාම ගිය විදුහල්පති ඉල්ලා  දෙමාපියන් විරෝධතාවයේ

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම දෙනිපිටිය අස්සෆා මහා විද්‍යාලයේ දෙමව්පියෝ  ආදි ශිෂ්‍ය සංගමය  හා එක්ව විශ්‍රාම ගිය විදුහල්පතිට තවත් සේවා දිගුවක් ඉල්ලා  විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ

වැලිගම අස්සෆා  මහා විද්‍යාලයේ  විදුහල්පතිවරයා  වසර අටක් පමණ සේවය කොට ඉකුත්    2024 : 4 : 07  දින විශ්‍රාම ගොස් තිබේ. අනතුරුව  දෙමව්පියන්ගේ ඉල්ලීම මත එම විදුහල්පතිවරයා කොන්ත්‍රාත් පදනම මත මාස තුන බැගින් අවස්ථා දෙකකදී සේවා  දීර්ඝ කිරීමක් ලබා දී තිබිණි. එම කාලය අවසන් වීමත්  සමග  මේ වන විට විද්‍යාලයේ  ගුරුවරයෙකු  වැඩ බලන  විදුහල්පතිවරයකු ලෙස  පත් කොට තිබෙි,
  නමුත්  විශ්‍රාම යෑමෙන් පසු  සේවා දීර්ඝ කළ විදුහල්පතිවරයාට  තවත්   මාස කීපයක  සේවා දිගුවක් ලබා දෙන ලෙස   ඉල්ලා සිටිමින්  දෙමාපියන් සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය එක්ව  විවිධ සටන් පාඨ පුවරු අතැතිව  (10 ) දින පෙරවරුවේදී විද්‍යාලය  ඉදිරිපිට විරෝධායක නිරත වූහ.
එම විරෝධතා පුවරු අතර වැඩක් කල විදුහල්පති රැක ගනිමු, දරුවන්ගේ අධ්‍යාපනයට ඇඟිලි ගැසීම් එපා, අපේ අස්සෆා විදුහල රැකනිමු, ආදී සටන් පාඨ පුවරු දක්නට තිබිණි.
මේ අවස්ථාවට  දෙමව්පියන් විශාල පිරිසක් එක්ව සිටි අතර   ආරක්ෂාව සඳහා පොලිස්  නිලධාරින්  පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබිණි .
කෙසේ වුවද පැයකට ආසන්න කාලයක් විරෝධය දැක්වීමෙන් පසු එම පිරිස සාමකාමීව  විසිර ගියහ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *