සංජීවනී පද්මසේන
අද උදෑසන මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නව මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබේ.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ කටුනායක ගුවන් තොටුපලට ගොස් ආපසු පැමිණෙමින් සිටි මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට වාර්තා වේ.
මෙහිදී තුවාල ලැබූ දොලොස්දෙනෙකු ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.



