වැසී ඇති වන ප්‍රදේශ මෙන්න

චම්පිකා මුතුකුඩ

අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ  ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ  පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.

 

බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇති විය  හැක.

 දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ  

 

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා  ලෙසකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  විසින් ජනතාවගෙන්  කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ..

  

මධ්‍යම, සබරගමුව, උුතුරුමැද සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැකි බවද කාලගුණ විද්‍යා  දෙපාර්තමෙන්තුව පවසයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *