වැසි තත්වය තව දුරටත්

චම්පිකා මුතුකුඩ

නිවර්තන අභිසාරී කලාපය උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

බස්නාහිර පළාතේත් පුත්තලම මන්නාරම සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති වියහැක.

 

මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති වියහැකිය.

 මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුරු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

  

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *