වැසි තත්වයේ වර්ධනයක්

චම්පිකා මුතුකුඩ

අද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ  බොහෝ ප්‍රදේශවල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.  බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය  හැක.

 

මධ්‍යම, සබරගමුව, දකුණු සහ  ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.

 සබරගමුව, මධ්‍යම සහ  ඌව පළාත්වලත් පොළොන්නන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසආලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ..

  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *