වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වේ.

චම්පිකා මුතුකුඩ

අද දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්නිකුත් කරණ ලද කාලගුණ වාර්තාවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

 බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ  උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැක.

 

 බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ  පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය  හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය  පියවර ගන්නා  ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා  සිටිනු ලැබේ.

  

මධ්‍යම, සබරගමුව සහ  ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *