යසංග මහාවිතාන
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවේ බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
