වැස්ස දිස්ත්‍රික්ක කිහිපයකට පමණයි

බිනර යසාංග

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි
වැසි ස්වල්පයක් හැරුනු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද, පළාත් වලත් ගාල්ල සහ මාතර  දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යාද දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *