තරංග ගුණරත්න

වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ නිවසකට අද (17 ) අළුයම වෙඩි තැබීමක් සිදුව ඇති අතර එහිදී නිවසේ කිසිවෙකුට හානියක් සිදුවි නැතැයි මිදිගම පොලිසිය කියයි
මිදිගම පොලිස් වසමේ බටවල පාතේගම ප්‍රදේශයේ නිවසකට අද අළුයම 2:10 පමණ මෙම වෙඩි තැබීම සිදුවි ඇති බව වාර්තා වෙි.
එම නිවසේ ව්‍යාපාරික කාන්තාව සහ දරුවන් පමණක් නිවසේ රැදි සිට තිබෙි
වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිතා කර තිබේ. එම නිවසේ තාප්පය අසල සිට නිවස දෙසට වෙඩි තබා ඇති බව සදහන් වේ. එහිදී වෙඩි ප්‍රහාර පහක් තබා ඇති අතර එමගින් නිවසේ බිත්ති වලට , දොර ජනෙල් වලට හානි සිදුවී තිබෙි.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය, වැලිගම පොලිසිය, කොටවිල පොලිසිය, සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ, කරුණු කිහිපයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙයවති .




