වැලිගම පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක්

වැලිගම  තරංග ගුණරත්න 

ආන්දෝලාත්මක සිද්ධියකට තුඩු දුන් වැලිගම පොලිසියේ නව පොලිස් ස්ථානාධිපති ලෙස  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා අද සිය රාජකාරි ආරම්භ කළේය.

ඉකුත් 2023 :12 31 දින වැලිගම පොලිස් වසමෙි  පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසල දෙපිරිසක් අතර ඇති වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එවකට වැලිගම  පොලිසියේ   වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ එචි ,වි.කේ  උපුල් කුමාර මහතා  ඉකුත් (7 ) දින වැඩ තහනමට ලක් විය. ඉන් පුරප්පාඩු වු  වැලිගම පොලිසියේ ස්ථානාධිපති තනතුරෙහි    හක්මණ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ  ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතාවිසින් සිය රාජකාරී ආරම්භ කිරීම ( 13 ) දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින්  සර්ව ආගමික කටයුතුවලට මුල් තැන දෙමින්  සිදු කරන ලදී.


ඒ මහතා මාතර රාහුල විදුහලේ ආදි සිසුවෙකු වන අතර  බුවනික සාගරිත භූමිත ශ්‍රී තුන්දීශ්වර ශ්‍රී ලංකා පුත්‍ර දේශබන්දු යන ගෞරව නාමයෙන් ද පිදුම් ලබා තිබේ.


තවද  රොටුඹ සහ හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසද ඒ මහතා  කටයුතු කළේය


මෙම  අවස්ථාවට  නව ස්ථානාධිපති වරයාගේ බිරිද ,දරුවන් ,හිතවතුන් මෙන්ම පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද සහ  එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *