වැලිගම ප්‍රාදේශීය  සංවර්ධන කමිටු රැස්වීමේදී   ගැටලු යොමු  කිරිමට සහ  ඒ පිළිබඳව ප්‍රශ්න ඇසිමට  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම ප්‍රාදේශීය  සංවර්ධන කමිටු රැස්වීමේදී   ගැටලු යොමු  කිරිමට සහ  ඒ පිළිබඳව ප්‍රශ්න ඇසිමට  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදීමට  සංවර්ධන කමිටුවේ සභාපති සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කමි ඉල්ලයාස් මහතා පියවර  ගත්තේය.

වැලිගම ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන. ව්‍යාපෘති සහ  ජනතාවට බලපා ඇති ගැටලු   අදාළ නිලධාරීන් වෙත යොමු කිරීමටත්,   ඒ සඳහා   කඩිනමින් විසඳුම්  ලබා ගැනීමටත්   ප්‍රාදේශීය  සංවර්ධන කමිටු රැස්වීමේදී අදාල   ගැටලු යොමු කිරීමට ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදීමට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති අර්කමි ඉල්ලයාස් මහතා  කටයුතු  කළේය.

ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්   පසුගිය කාලයන් තුළ විටින් විට පැවතුනත් එම අවස්ථාවන් සඳහා සහභාගි වීමට හෝ   අවස්ථාව නොතිබූ අතර   වත්මන් ආණ්ඩුව යටතේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් පිළිබඳව  ප්‍රදේශයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සතුටට කරුණකි. එපමණක් නොව  දිවයිනේ පළමුවරට  ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමකදී  ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති, සහ ජනතාවට බලපා ඇති  නොයෙකුත්  ගැටළු සම්බන්ධයෙන් එම රැස්වීමේදී  විමසීමට සහ ප්‍රශ්න ඇසීමට  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදීමට  අර්කමි ඉල්ලයාස් මහතා විසින්  පියවර ගන්නා ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *