වැලිගම දානපතියෙකුගෙන්  සත් ක්‍රියාවක්

(වැලිගම  තරංග ගුණරත්න) 

අසිරිමත් වෙසක් තෙමගුල සිහිපත්කොට  වැලිගම  තරුණ ව්‍යාපාරිකයෙකු ඇතුළු  පිරිසක් එක්ව  ප්‍රදේශයේ මහා සංඝරත්නයට, දසසිල් මෑණිවරුන්ට, මව්ලිවරු, සහ කන්‍යා සොයුරියන් සහ දසසිල් උපාසකවරුන්ටත් දානය පිළිගැන්වීමෙන් අනතුරුව   දිවා රාත්‍රී  පවත්වන දන්සල මෙවරත්   වැලිගම වෙරළ තීරයේදී  පැවැත්වේ.

වැලිගම  ”  SEA   HUNTER ” ධීවර යාත්‍රාවේ හිමිකරුවන  තරුණ ව්‍යාපාරිකයෙකු වන කේ.කේ ඒ විරාජ් රංගනාත් මහතාගේ  සංකල්පයක්  මත ඔහුගේ ධන පරිත්‍යාගයෙන්  තුන්වැනි වරට සංවිධානය කරන දිවා රාත්‍රී බත් දන්සල ඊයේ (12) දින   පැවැත්වුණි.
එ සදහා  වැලිගම පැලෑන  ගංගාරාම මහා විහාරයේ විහාරාධිපති පැල්වෙහෙරේ සුසිම නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයත්, මෙහෙණින් වහන්සේලා,   මවුලවිතුමන් ,කන්‍යා  සොයුරියන් සහ  අෂ්ඨාංග සීල සමාදන් වූ උපාසක උපාසිකාවන් පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ
  ඒඅනුව  සර්ව ආගමික නායකයන්ට හා උපාසක උපාසිකාවන්ට දානය පිළිගැනීමෙන් අනතුරුව දිවා රාත්‍රී පැවැත්වීමට නියමිත  බත් දන්සල  ආරම්භ කෙරිණි
එ අනුව   මෙරට පැමිණි  විදේශීය පිරිස සදහා  පළමුව අවස්ථාව ලබා දී අනතුරුව විවිධ ප්‍රදේශවල සිට පැමිණි සහ වන්දනාවේ යන අතරතුර පැමිණ සිටි විශාල පිරිසකට  ආහාර ලබාදීම  වැලිගම  වෙරළතීරයේ ළමා උද්‍යානය අසලදී  සිදුවිය.

මෙම දන්සල සඳහා රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක්  කේ.කේ ඒ විරාජ් රංගනාත්  මහතා විසින් වැය කොට තිබූ අතර මේ සඳහා  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, වැලිගම නගර සභාව, වැලිගම මූලස්ථාන පොලිසිය සහ  ඔහුගේ ඥාතීන් හිතමිතුරන්ද සහයෝගය ලබා දී තිබිණි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *