වැලිගම කර්මාන්ත ශාලාවක නොසන්සුන්තාවයක්.

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම  උඩුකාව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක  සේවක සේවිකාවන් පිරිසක්  විරෝධතාවයක නිරත වෙති.මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙි සේවක සේවිකාවන්  එක්දහස් හාරසියයක් පමණ සේවය කරන අතර  මෙම කර්මාන්ත ශාලාවේ  දෛනික නිෂ්පාදන කටයුතු සමාන්‍ය  පරිදි  8 දින සිදු කළ බවත්  මෙවර වාර්ෂික ⁣බෝනස්  සහ මාර්තු මස වැටුප 10 දිනට ලබාදිමට නියමිතව  තිබිණි .කෙසේ නමුත් මෙවර   බෝනස් ලබාදිමට නොහැකි බව පාලනාධිකාරිය විසින් 8 දින පෙරවරුවේදී   සේවක පිරිසට දන්වා තිබෙි   එහි  එම පණිවිඩය සමඟ   නොසන්සුන් වු සේවක සේවිකාවන් නිෂ්පාදන කටයුතුවලින් බැහැරව ආයතන ඉදිරිපිට  සාමකාමී විරෝධතාවයක  නිරත වුහ. එම විරෝධතාවය රාත්‍රීය  දක්වා පවත්වන ලදි. එසේ විරෝධතාවයක්  සිදුකලද එයට පාලනාධිකාරිය විසින්  සාධාරණයක් ඉටුනොකිරිම නිසා එම සේවක සේවිකාවන් විසින්  තවදුරටත් එම ආයතන ඉදිරිපිට  අද ( 9 ) පෙරවරුවේදී විරෝධතාවයක නිරත වූහ. එහිදී  ලොරි රථයක් ආයතයට පැමිණීම සමඟ. දැඩි උණුසුම් තත්වයක් ඇතවිය   එ සමඟ එම ලොරි රථය නැවත හරවාගෙන යන ලදි. මේ හේතුවෙන්  එම ආයතනය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙන  ආකාරය දක්නට තිබෙි. මේ සමිබන්ධයෙන්  විමසිම සදහා ආයතනයේ කළමනාකාරවරයකු දුරකථනය ඔස්සේ සමිබන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *