වැඩවර්ජනය නිසා රෝහල් කටයුතුු අඩාලයි

වැලිගම  තරංග ගුණරත්න 

දිවයින පුරා පිහිටි රෝහල්වල වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයෙන්  රජයේ රෝහලේ කටයුතු අඩාල  වී  රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග දක්වයි.

කෙසේ වුවද  හදිසි  ප්‍රතිකාර  කටයුතු සහ නේවාසික රෝගීන්ගේ කටයුතු  සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරය දක්නට තිබු අතර එසේම  රෝහලේ අනෙකුත් කාර්ය මණ්ඩලය මගින්  සිදු කරන සේවාවන් ද සාමාන්‍ය පරිදි සිදු කරන ආකාරය දක්නට තිබුණත්  වෛද්‍යවරුන් නොපැමිණි හේතුව නිසා වැලිගම  වලාන රජයේ රෝහලේ  සහ වැලිගම  ගල්බොක්ක  ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ  කටයුතු අඩාලව පැවතිණි  .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *