(නික්කි රණසිංහ)
අද උදෑසන හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මැරවල දුම්රිය හරස් මාර්ගය අසළදී බිහිසුණු රිය අනතුරක් සිදුවී තිබේ.
දුම්රිය ධාවනය හේතුවෙන් දුම්රිය මාර්ගය වසා තිබියදී ඉන්ධන බවුසරයක් නවතා ඇති අතර ඊට පිටුපසින් වෑන් රථයක් ද නවතා ඇත.
එම අවස්තාවේ දී නිසි ලෙස තිරිංග ක්‍රියාත්මක නොවුණු ප්‍රයිම් මූවර් රථයක් වෑන් රථයේ පසුපස ගැටී තිබේ. එවිට වෑන් රථය ඉදිරිපස නවතා තිබූ ඉන්ධන බවුසරයේ ද ගැටී ඇති අතර එමගින් වෑන් රථයට බරපතල හානි සිදුවී ඇත.
අනතුරින් තුවාල ලැබූ හත් දෙනෙකු හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
ප්‍රයිම් මූවර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

