(හේවාහැට-චම්පික දසනායක)
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කළමනාකරණ ඒකකයට අයත් ධාවන තත්වයේ පවතින කැබ් රථයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පාතහේවාහැට පොත්ගොඩ වැඩිහිටි නිවාස භූමියේ තාවකාලික මඩුවක් තුළ නවතා දමා ඇති බව එම ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහන් කරති
මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වාරි ජල යෝජනා ක්‍රම අතරින් දෙවන විශාලතම වාරි ජල යෝජනා ක්‍රමය වන පාතහේවාහැට මුරපොළ වාරි ජල යෝජනා ක්‍රමයේ නීලවල ප්‍රදේශයේ පිහිටි වාරිමාර්ග කළමණාකරණ ඒකකයේ කාර්යාලයේ කේෂ්ත්‍ර කටයුතු සඳහා භාවිත කිරිමේ අරමුණින් මෙම කැබ් රථය ලබාදී ඇති නමුත් එම කැබ් රථය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පාතහේවාහැට පොත්ගොඩ ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාස භූමියේ තාවකාලික මඩුවක් තුළ මෙලෙස ගාල්කර තිබේ
කැබ් රථයේ සේවය සඳහා එම දෙපාර්තමේන්තුව මගින් රියදුරෙකු අනුයුක්ත කර ඇති නමුත් අවස්ථා කිහිපයකදී හැර වාරිමාර්ග කළමනාකරණ ඒකකයේ නිලධාරීන් මෙම කැබ් රථය කේෂ්ත්‍ර කටයුතු සඳහා භාවිත කරන ආකාරය තමන් දැක නැති බව අවට පදිංචි ගොවි ජනතාව සඳහන් කරති
නීලවල ප්‍රදේශයේ පිහිටි මෙම වාරිමාර්ග කළමනාකරණ ඒකකය මගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට නියමිත සේවයක් ඉටු නොවන බවට චෝදනාවක් එල්ලවී ඇති පසුබිමක මහජන මුදල් හා රජයේ දේපළ විනාශ කරන මෙවන් කටයුතු නවතා දැමීමට වගකිවයුතු අංශවල අවධානය යොමු විය යුතුය


