වාර්තාකරණයට බාධා කිරීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්න –  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි.

චම්පිකා මුතුකුඩ

කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ෆසීර් මොහොමඩ් මහතාගේ  වාර්තාකරණයට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව විසින් සුදුසු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන කටයුතු කළ යුතු බව පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටි‍යි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් මාධ්‍යවේදි ෆසීර් මොහොමඩ් මහතා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී එහි සේවය කරන පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ වාර්තාකරණයට බාධා කරමින් උසාවි ශාලාවෙන් පිටතට ඇද දමා තිබුණි.මීගමුව ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මංකොල්ල කෑ බව පවසමින් පොලිස් නිලධාරීන් පිරිසක් රත්තරන් බඩු වෙළඳ සැලක හිමිකරුවකුට වද හිංසා කිරීම සහ ඔහුගේ දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් වූ නඩුවක් ඊයේ (24) විභාගයට ගත් අවස්ථාවේ මෙම සිදුවීම සිදුවී තිබේ.එම නඩුවක් වාර්තා කිරීම සඳහා එහි ගොස් සිටි එකම මාධ්‍යවේදියා තමන් බව ඒ මහතා පවසයි. වාර්තාකරණය සඳහා නියමිත පරිදි ඔහු උසාවියට ඇතුළු වී ඇති අතර ,සිදුවීම සිදුවන අවස්ථාවේ ඔහු සිය ජංගම දුරකථනය අක්‍රීය තත්ත්වයට පත්කොට සිය මාධ්‍ය හැඳුනුම්පත පැළඳ සිට ඇත.

නඩු විභාගය කෙරේ සාවධානව සවන් දෙමින් එම කරුණු සටහන් කර ගනිමින් සිටි ඔහු වෙත පැමිණි සාජන්වරයෙකු ” මොනවද කරන්නෙ ? ” යයි ප්‍රශ්න  කරඇත. ඊට පිළිතුරු දෙමින් ෆසීර් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් වාර්තා කරමින් සිටින බවයි.

එම නිලධාරියා විසින් “එළියට බැහැපන්” යනුවෙන් මාධ්‍යවේදියාට තර්ජනය කර ඇත. එම තර්ජනය නොතකා ෆසීර් මොහොමඩ් මහතා සිය වාර්තාකරණයේ යෙදී තිබේ.

අනතුරුව එහි පැමිණි පොලිස් නිලධාරියෙකු විවෘත අධිකරණයේ වර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදියාව එළියට ඇදගෙන ගොස් සාක්කුවේ තිබුණු දුරකථනය පැහැරගෙන, පටිගත කරමින්  සිටි බව පවසමින් එය මුර කුටියකට එය බාර දී තිබේ.එහෙත් ඒ වන විට මාධ්‍යවේදියාගේ දුරකථනය ක්‍රියා විරහිත තත්ත්වයේ තිබූ බව කියැවේ.

අදාළ සිදුවීම පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාවට හා අනෙකුත් ආයතනවලට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ෆසීර් මොහොමඩ් මහතා පවසයි..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *