වසර 34 කට පසුව යාපනය පලාලි මාර්ගයක් විවෘතයි                    

       වන්නේ රොමේෂ් මදුශංක

  යුද්ධය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුධහමුදාව විසින් පියවර ගෙන තිබුණි

මේ අනුව යපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය අද උදෑසන සිට මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට පලාලි යුදහමුදා කඳවුර විසින් පියවර ගෙන තිබුණි.

මෙම මාර්ගය පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා  ගමන් කරන අතර මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇත.

ඒ අනුව,

මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය අතරය,

විවෘත කරන මාර්ගය අතරමග වාහන නවතා තැබීම තහනම් වේ

මාර්ගයේ ගමන්කරන අතරතුර මගදෙපස ඡායාරූප වීඩියෝ ගැනීඹ තහනම්ය

අදාල මාර්ගය දෙපස ඇවිදීම තහනම් වේ,

මගී ගමනාගමනය හැර වෙනත් කටයුතු සඳහා මාර්ගය බාවිතා කිරීමට අවසර දෙනු නොලැබේ.

මාර්ගයේ ගමන් කරන වාහන වල උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක් විය යුතුය.

මාර්ගයේ ගමන්කරන අයගේ අනන්‍යතාවය පිළිබඳවආරක්ෂක අංශ දැනුවත් කළ යුතුවේ.

අද දින මර්ගය විවෘත කිරීමත් සමග මගීන් ඉතා සතුටින් යුතුව මර්ගය භාවිතා කරමින් මාර්ගයේ ගමනාගමනය සිදුවිය කරනු දැකිය හැකි විය. ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අධිආරක්ෂිත කලායන්ට අයත් සෙසු භූමිද මෙලෙසින් නිදහස් කිරීමට ආරක්ෂක අංශ ඇතුලු රජයේ අවධානය යොමු කරන ලෙසටය.

පලාලි ,වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා මාර්ගය විවෘත කිරීමෙන් පසුව මගීන්, යතුරුපැදි හා බස් රථ මගින් ගමන් කරන අයුරු

 

                                වන්නි රොමේෂ් මධූෂංක

වසර 34 කට පසුව අධිආරක්ෂිත කලාපයේ තිබූ යපනය පලාලි මාර්ගයක් විවෘතයි

         යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

මේ අනුව යපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය අද උදෑසන සිට මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට පලාලි යුදහමුදා කඳවුර විසින් පියවර ගෙන තිබුණි.

මෙම මාර්ගය පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා ජනතාව ගමන් කරන අතර මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.

කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව,

මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය අතරය, විවෘත කරන මාර්ගය අතරමග වාහන නවතා තැබීම තහනම් කිරීම, මාර්ගයේ ගමන්කරන අතරතුර මගදෙපස ඡායාරූප වීඩියෝ ගැනීඹ තහනම් කිරීම, අදාල මාර්ගය දෙපස ඇවිදීම තහනම් කිරීම, මගී ගමනාගමනය හැර වෙනත් කටයුතු සඳහා මාර්ගය බාවිතා නොකිරීම, මාර්ගයේ ගමන් කරන වාහන වල උපරිම වේගය පැයට කිලෝමීටර් 40 ක වේගයෙන් ගමන් කිරීම, මාර්ගයේ ගමන්කරන අයගේ අනන්‍යතාවය ආරක්ෂක අංශ දැනුවත් කිරීම යනාදි කරුණුය.

අද දින මර්ගය විවෘත කිරීමත් සමග මගීන් ඉතා සතුටින් යුතුව මර්ගය බාවිතා කරමින් මාර්ගයේ ගමනාගමනය සිදුකල අතර ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ අධිආරක්ෂිත කලායන්ට අයත් සෙසු භූමිද මෙලෙසින් නිදහස් කිරීමට ආරක්ෂක අංශ ඇතුලු රජයේ අවධානය යොමු කරන ලෙසටය.

(පලාලි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා මාර්ගය විවෘත කිරීමෙන් පසුව මගීන් යතුරුපැදි හා බස් රථ මගින් ගමන් කරන ඡායරූප එවා ඇත)

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *