(යසංග මහවිතාන)
මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර විස්සක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම ඔහු විශ්‍රාම වැටුපට හිමිකම් කියන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
හිටපු අමාත්‍යවරයාට බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වුවද ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනත අනුව සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැත. අදාළ මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට අධිකරණය මගින් තීන්දුවක් ලබාදී ඇත්නම් පමණක් එය නතර කිරීමට සිදුවේ. එහෙත් අලුත්ගමගේ හිටපු ඇමතිවරයා සම්බන්ධව එවැනි නියෝගයක් නඩු තීන්දුවේ සඳහන් නොවේ.
ඒ අනුව වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් 54,000ක් වන මූලික වැටුපෙන් 2/3ක ප්‍රමාණයක් වන රුපියල් 36,000ක විශ්‍රාම වැටුප මුදලකට හිමිකම් කියයි..
නලින් ප්‍රනාන්දු හිටපු වෙළඳ ඇමතිවරයා සම්බන්ධයෙන් මෙම ගැටළුව උද්ගත නොවේ. විශ්‍රාම වැටුපකට හිමිකම් කියනුයේ පාර්ලිමේන්තුවේ සේවා කාලය වසර පහක් සම්පූර්ණ කරන මන්ත්‍රීවරුන් පමණි. නලින් ප්‍රනාන්දු මහතා එම වසර පහක පාර්ලිමේන්තු සේවා කාලය සම්පූර්ණ කර නැත.එසේ හෙයින් ඔහු විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියයි.
