වසරේ වැඩිම සුනඛ සපා කෑම් ගම්පහින්

යසංග මහවිතාන

අයිතිකරුවන් නොමැතිව අයාලයේ යන බල්ලන්  ශ්‍රී ලංකාවේ බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. 2024 වර්ෂයේ ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපා කෑම් සංඛ්‍යාව 1,84,926 කි.  වැඩිම සුනඛ සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

සුනඛ සපා කෑම වලට ප්‍රතිකාර වශයෙන් එන්නත් සඳහා වසරකට රුපියල් මිලියන 950-1000 අතර මුදලක් වියදම් කරන  බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ වනවිට සුනඛයන් 11,51,350ක් එන්නත් කර ඇති බවත්, ගැහැණු සතුන් 33,881ක්  වන්ද්‍යකරණයට ලක් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට විවිධ වැඩසටහන් රජය මගින් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *