මොහොමඩ් ආසික්
සිරි දළඳා දැක්මේ පවතින තදබදය අවම කිරීම සඳහා සෑම වසරක් පාසාම අඩු කාලයක් සඳහා සිරි දළඳා දැක්ම පැවැත්වීමේ යෝජනාවක් සිරි දළඳා දැක්මේ මෙහෙයුම් කමිටුව යෝජනා කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අබේකෝන් මහතා කීය.
ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ සිරි දළඳා දැක්මේ මෙහෙයුම් කමිටු රැස්වීමෙන් පසුව මාධය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී තව දුරටත් මහාචාර්ය වරයා සඳහන් කළේ මහනුවර නගරයට ඇදී එන අධික ජනතාව ගැන සිතා සිරි දළඳා දැක්මේ කාලය දීර්ග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත්, පවතින තත්වය අනුව කෙටි කාලයක් සඳහා වාර්ෂිකව සිරි දළඳා දැක්මක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වූ බවත් ,මෙම යෝජනාව කමිටුවේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බවත්ය.
ඓතිහාසික මහනුවර සිරි දළඳා දැක්මේ අට වන දිනය වන අද දිනයේත් සවස් වන විට ලක්ෂ තුනකට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයේ පෝලිම් තුනේ රැඳී සිටිනු දකින්නට ලැබිණ.
මේ වන විට සියලු පෝලිම්වල පාලනයට හමුදාවද එක්ව සිටින අතර අලුතින් පෝලිම්ලවට එක්වීම වැළෑක්වීම සඳහා හමුදාව දැඩි වෙහෙසක් ගනු දක්නට ලැබිණ.
අදත් පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වෙන අතර මේ සඳහා මෙම පෝලිම් තුනෙන් සැදචැහැවතුන් එක් වීම සිදු වෙයි.
පෝලිම් ආසන්නයේ විශාල වශයෙන් කසළ බැහැර කර තිබෙනු දක්නට ලැබුණත් දැඩි වෙහෙසක් දරා ඉතා කෙටි කාලයක් තුල තම සේවක සේවිකාවන් එම කසළ ඉවත් කිරීමට පියවර ගන්නා බවත් මේ සඳහා වෙනත් රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධානවලද සහාය ලැබී ඇති බවත් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය සඳහන් කළාය නාගරික කොමසාරිවරිය තව දුරටත් සඳහන් කළේ සමාජ මාධ්‍යවලින් දැඩි ලෙස විවේචනයට ලක් වුනත් මහනුවර නගරයේ කසළ ඉවත් කිරීමේදී අධික ධාරිතාවයකට මුහුණ දීමට සිදුව තිබෙන නිසා තිබෙන සම්පත් භාවිතා කරමින් කසළ ඉවත් කිරීමත් ජල පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමත් සිදු කරන බවත්ය.
මේ වන විට අවදානම් තත්වයක් ලෙස සෞඛ්‍ය තත්වය හඳුනා ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ වන විට මහනුවර නගරයේ රැස්වී සිටින ජනතාව වෙනුවෙන් වැසිකිලි කැසිකිලි පහසුකස් ජල පහසුකම් සහ ආහාර අවශ්‍යාතවයන් ගැටළුවකින් තොරව සපයා දී ඇති බවයි. මෙම තත්වය වෙනස් වුනොත් දැනට පවතින වසංගත රෝග තත්වය පාලනය අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ වගේම අපි නගරයේ පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ගෙනුත් ඉල්ලා සිටිනවා. අපේ නිලධාරින්ට සහ කාර්ය මණ්ඩල වෙත උපරිම සහාය ලබා දෙන්න.මොකද මේක අපේ රට.මහනුවර ලස්සනට තිබ්බොත් තමයි හැමෝටම සතුටු වෙන්න පුළුවන් වෙන්නේ.අනවශ්‍ය විදිහට කැලි කසළ තැන් තැන්වල බැහැර කරන එක වතුර බෝතල් තැන් තැන්වල විසි කරන එක,ඒවා කළොත් මේ පරිසරය අවලස්සන වෙනවා. ඒ වගේම රෝගත් බෝවෙන්න පුළුවන්.යැයිද කීය.

