වවුනියාව ගබඩා තුළින් වී ගැනීම තවමත් නෑ.- ගොවීහු පවසති.

රජය සහතික මිළට ගොවි ජනතාවගේ වී ලබා ගන්නා බව පැවසුවද වවුනියාව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩල ගබඩා තුළින් අද(06) දිනයේ වී මිළදි ගැනීම සිදුනොකරන බව ගොවි ජනතාව පවසති.

ගොවි ජනතාව පැවසූවේ තවමත් වවුනියාව වී මිලදි ගැනීමේ ගබඩා වෙත මුදල් පහසුකම් නොලැබි ඇති බවට ගබඩා සේවකයින් සඳහන් කළ බවයි.

එළැඹෙන සඳුදා දිනයේ සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත වී මිල දී ගැනීම සිදුකරන බවට ගබඩා සේවකයින් සඳහන් කළ බවද ගොවි ජනතාව පැවසූහ.

සිදුවීම සම්බන්ධයෙන් වී ගබඩාවල සේවකයින්ගෙන් විමසීමේදී පැවසූවේ වී අලෙවි මණ්ඩල ගබඩාවල උතුරු පළාත් කළමනාකරු කිලිනොච්චියේ රැදී සිටින අතර, වී මිළදි ගැනීම වෙනුවෙන් මේ වනවිට සාකච්ජා කරමින් පවතින බවයි.

සදුදා දිනයේ සිට වී ගබඩා වෙත වී මිලදී ගැනීම සිදුකරන බවද ගබඩාවල සේවකයෝ පැවසූහ.

උතුරු පළාතේ කිලිනොච්චිය,පූනරීන්,වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි කැකුළන් ක්‍රමයට වගා කළ ගොවි බිම්වල අස්වැන්න මේ දිනවල නෙළමින් සිටින බවද ගොවීහු සඳහන් කළහ.

මාධව කුලසූරිය – වවුනියාව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *