වවුනියාවේ පුද්ගලයෙකු  බිරිඳගේ ගෙල කපා පොලිසියට රැගෙන එයි.

(වවුනියාව මාධව කුලසූරිය.)

වවුනියාව,ආනන්ද පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිය බිරිඳගේ ගෙල කපාගෙන පොලිසිය වෙත අද(03) උදැසන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ පෞද්ගලික ආරවුලක් මත ස්වාමිපුරුෂයා විසින් බිරිඳගේ හිස කදින් වෙන්වන ලෙසට කපා දමා හිස රැගෙන පොලිසිය වෙත පැමිණි බවත්,එහිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු විසින් සුජිදරන් ස්වරණලතා නමැති කාන්තාවක් එලෙස ඝාතනය කොට ඇති බවද පොලිසිය සඳහන් කළේය.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,පුලියන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *